මැදපෙරදිග කලාපයේ ගැටුම් ලෝක සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක්. යුද්ධය නවතා වහාම සාකච්ඡා අරඹන්න – විපක්ෂ නායක සජිත්

සටහන – රුවන් නෙළුගොල්ල

මේ මොහොත වන විට මැදපෙරදිග කලාපයේ පවතින එදිරිවාදීත්වයන් සහ ගැටුම් ලෝක සාමයට සහ ආරක්ෂාවට සැලකිය යුතු තර්ජනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මැද පෙරදිග සේවය කරන මිලියනයකට අධික ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත අතිශයින් වැදගත් බවයි X පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව කවර පිරිවැයක් හෝ දරා යුද්ධය වළක්වා ගතයුතු බව පවසන ඒ මහතා යුද්ධය නවතා කඩිනමින් සාකච්ඡා ආරම්භ කරන ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.