නිශ්මං රණසිංහ ,මාර්තු 04 කොළඹ LNW:
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරයේ යෙදුණ ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම සමස්ත සංචාරයේ එක්දින තරගාවලිය ජයග්රාහීව අවසන් කරාටත් ඉහළින් විස්සයි විස්ස තරගාවලිය ජය ගන්නට සමත් විය.විස්සයි විස්ස තරගාවලියේ පළමුවැන්න අයහපත් කාලගුණය නිසා තීරණයක් නොමැතිව විසදිණ.දෙවන තරගයෙන් කඩුලු 6 ක ජයක් ලැබූ ශ්රී ලංකාව,තරගාවලියේ ජය 2-0 ක් ලෙස අත් කර ගනිමින් තෙවන තරගය කඩුලු 9 න් ජය ගන්නට සමත්විණි.
කාසියේ වසිය ලද ශ්රී ලංකා නායිකාව පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළේ කොදෙව් කණ්ඩායමටය.එහෙත් කොදෙව් පිතිකරු බලඇණියේ ආරම්භක කඩුලු කිහිපය ශ්රී ලංකාව වෙනුවෙන් බිඳ ගන්නට ඉනෝකා රණවීර සහ සුගන්ධිකා කුමාරි සමත් වූහ.ඉනෝකා ලකුණු 16 ට තඩුලු 2 ක් සහ සුගන්ධිකා ලකුණු 32 ට කඩුලු 2 ක් ලෙස දවා ගැනීමට සමත් විය.මුල අසාර්ථක වුව ද ස්ටෙෆනි ටේලර් (24),ඩීන්ඩ්රා ඩොටින් (28) සහ චිලෙනි හෙන්රි (34) මැද පෙළට ශක්තියක් වෙමින් ලකුණු පූවරුව පන්දු ඕවර් 20 නිමාවේ ලකුණු 119 ක් දක්වා ඔසවා තබන්නට සමත් වූහ.
මේ ඉලක්කය හඹා යාම සාර්ථක ලෙස ආරම්භ කරන්නට හසිනි පෙරේරා සහ චමරි අතපත්තුට හැකි විය.ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු ඒවර් 7 ක් නිම වෙන විට ලකුණු 49 ක් එක් කරන්නට එම දෙදෙනාට හැකි විය.ලකුණු 49 දී චමරි දැවී යන විට පන්දු 22 දී ඇය ලකුණු 32 ක් රැස් කර තිබුණාය.
එතැන් පටන් චමරිගේ නිදහස් විමෙන් සැනසුම් සුසුම් හෙලන්නට කොදෙව් ක්රීඩිකාවන්ට ඉඩ නොඳුන් ඉමේෂා දුලානි පන්දු 25 න් ලකුණු 34 ක් ලබා ගැනිමට සමත් විය.හසිනි පෙරේරා කණ්ඩායමේ ආරක්ෂිත නැංගුරම බවට පත්වෙමින් නොදැවී ලකුණු 52 ක් රැස් කරේ පන්දු 62 ක් එක් කරමින්ය..
ජයග්රාහී ස්ථාවර ඉණිම වෙනුවෙන් හසිනි පෙරේරා දියත් කළ ඉණිම වෙනුවෙන් තරගය ජයග්රාහීව නිමවෙද්දී තරගයේ වීරයා ලෙස හසිනි සම්මානයට පාත්ර විය.චමරි තරගාවලියේ වීරයා විය.ලකුණු සටහනට පහතින් පිවිසිය හැකිය.



