අන්තරේ විරෝධය: කඳුළු ගෑස් එක්කම ශිෂ්‍යාවන්ටත් පොලීසිය පහර දීලා (VIDEO)

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (18) කොළඹදී සංවිධානය කර තිබුණු විරෝධතා පා ගමනටද පොලීසිය සුපුරුදු ලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

ලිප්ටන් වටරවුමේ සිට කොළඹ ලෝටස් පෙදෙස දක්වා එම විරෝධතා පා ගමන පැමිණෙමින් තිබුණු අතර පිරිස විසුරුවා හැරීමට විශාලා පොලිස් බල ඇණියක් සහ ජල හා කඳුළු ගෑස් රථ සූදානම් කර තිබෙන අයුරු යූනියන් පෙදෙස ආසන්නයේදී දක්නට ලැබුණි.

ඒ අනුව යූනියන් පෙදෙස ආසන්නයේ පිරිස විසුරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර පොලීසිය විසින් ශිෂ්‍යයෙකු බලහත්කාරයෙන් ඇදගෙන යන ආකාරය දක්නට ලැබුණු අතර එයට විරෝධතාවට එක්ව සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිස විරෝධය දැක්වීමට රැස් වූ අවස්ථාවේදී පොලීසිය විසින් කාන්තාවන් පිටතට ඇද දමමින් පහර දී ඇති බවට ද චෝදනා එල්ල විය.

ජල හා කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ පිරිස විසිරෙමින් සිටින විට කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර විරෝධතාවට එක්ව සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කර ඇත.

ASK