සටහන – පුලී
මාර්තු 11, LNW (කොළඹ): පසුගිය පැය කිහිපය තුළ ඉරානය මැද පෙරදිග ඊශ්‍රායල සහ ඇමරිකානු ඉලක්ක වලට එරෙහිව නව ප්‍රහාර රැල්ලක් දියත් කර තිබේ.
ගැටුම ආරම්භ වීමෙන් පසු එල්ල වූ “වඩාත්ම තීව්ර සහ දරුණුතම” ප්‍රහාරය මෙය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසයි.
ඉරානයෙන් දියත් කරන ලද මිසයිල හඳුනාගත් බව ඊශ්‍රායලය පවසන නමුත් ඉන්පසුව පුරවැසියන්ට නවාතැන් වලින් ඉවත් වීම ආරක්ෂිත බව පැවසීය.
තෙල් නිධියක් දෙසට ගමන් කරන ඩ්‍රෝන යානා දෙකක් අල්ලා විනාශ කළ බව ද සෞදි අරාබියෙන් වාර්තා වෙයි.
එක්සත් ජනපද නාවික හමුදාවේ පස්වන බලඇණියේ මූලස්ථානය පිහිටා ඇති බහරේනයේ ද සයිරන් නාද වූ බව සඳහන්.

