Home විදෙස් හෝමුස් ඇරගන්න උදව් කරනවද? නැද්ද? ට්‍රම්ප් නේටෝ එකටත් සද්දයක් දමයි!

හෝමුස් ඇරගන්න උදව් කරනවද? නැද්ද? ට්‍රම්ප් නේටෝ එකටත් සද්දයක් දමයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ගල්ෆ් යුදමය වාතාවරණය හේතුවෙන් වසාදමා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය නැව් ගමනාගමනය සඳහා විවෘත කර ගැනීමට නේටෝව සහය දිය යුතු වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.

තෙල් ප්‍රවාහනයේ තීරණාත්මක ගමන් මාර්ගයක් වන මෙම හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමාගමන කටයුතු ඉරානය විසින් අත්හිටුවා ඇත.

අවසරයකින් තොරව ගමන් ගන්නා නැව් වෙත පහර දෙන බවද ඉරානය පවසා තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අමෙරිකානු මිත්‍ර රටවල් සහාය නොදක්වන්නේ නම්, නේටෝ සංවිධානය “ඉතා නරක” අනාගතයකට මුහුණ දෙනු ඇති බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ.

මේ වන විටත් රටවල් කිහිපයක් සහය දීමට කැමැත්ත පළකර තිබෙන නමුත් එම රටවල් සම්බන්ධයෙන් අනාවරණය කිරීමට කාලය ප්‍රමාණවත් නොවන බවද ජනාධිපති ට්‍රම්ප් කියා තිබේ.

ලෝකයේ කාර්යබහුලම තෙල් නැව් ගමනාගමන මාර්ගය ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය සැලකෙන අතර ගෝලීය තෙල් සැපයුමෙන් දළ වශයෙන් 20%ක් පමණ ප්‍රවාහනය සිදු කරන්නේ ද මෙම මුහුදු තීරය හරහාය.

මේ වන විට ප්‍රහාර වලින් ඉරාන නාවික හමුදා විනාශ කර තිබෙන නමුත් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමේදී ප්‍රහාරයක් දියත් කිරීමට අවශ්‍ය වන්නේ දෙතුන් දෙනෙක් පමණක් බවද ජනාධිපති ට්‍රම්ප් පවසයි.