Exclusive : හිටපු ජනපති රනිල් සැත්කමක් සඳහා සිංගප්පූරුවට !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා ගොස් තිබේ.

ඒ මහතා ඊයේ (15) දිනයේදී දිවයිනෙන් පිටව ගොස් ඇති බව සඳහන්.

වික්‍රමසිංහ මහතාට සිංගප්පූරුවේදී හෘදය ආශ්‍රිත සැත්කමක් සිදුකිරීමට නියමිත බවයි සමීප ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව සති දෙකක – තුනක පමණ කාලයක් ඒ මහතාට රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇති බව සඳහන්.

මෙම වෛද්‍ය ප්‍රතිකාර කටයුත්ත සඳහා වැයවන සම්පූර්ණ වියදම ගෙවීමට ඉන්දියාව ඉදිරිපත්ව තිබුණ ද වික්‍රමසිංහ මහතා එම යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කර තම පුද්ගලික වියදමින් එය දැරීමට කටයුතු කර ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...