හයිටියේ උද්ධමනය 29% ඉහළට ; විරෝධතාකරුවන් අගමැති ඒරියල් හෙන්රිට ගෝ හෝම් කියයි.

අනාරක්ෂිත භාවය සහ ඉහළ යන ජීවන වියදම් සම්බන්ධයෙන් හයිටියේ දහස් ගණනින් විරෝධතාකරුවන් වීදිබැස ඇති අතර අගමැති ඒරියල් හෙන්රි ඉල්ලා අස්විය යුතු බව ප්‍රකාශ වේ.
2021 ජූලි මාසයේදී ජනාධිපති ජොවනෙල් මොයිස් ඝාතනයෙන් නරක අතට හැරුණු පුලුල්ව පැතිරුනු දේශපාලන අස්ථාවරත්වයෙන් ජාතිය දිගින් දිගටම පසුබෑම නිසා, මෑත මාසවලදී හයිටියේ කල්ලි ප්‍රචණ්ඩත්වය සහ පැහැරගැනීම් ඉහළ ගොස් ඇත. සන්නද්ධ කණ්ඩායම් පාලනය සඳහා තරඟ වදින බැවින්, පසුගිය මාසයේ, දහස් ගණන් ජනයා ආහාර සහ ජලය සඳහා ප්‍රවේශයක් නොමැතිව කොටු වී සිටි බව, දේශසීමා රහිත වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් කණ්ඩායම විසින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් සති දෙකකටත් අඩු කාලයකට පසු බලයට පත් වූ අගමැති ඒරියල් හෙන්රි ඉල්ලා අස්විය යුතු බවට විරෝධතා කරුවන් ප්‍රකාශ කරන අතර හයිටියේ Cap-Haitien, Petit-Goave සහ Jacmel ඇතුළු නගර රැසක අගමැතිට එරෙහිව විරෝධතා පැවැත්විණි.

මේ වන විට හයිටියේ බරපතල පෙට්‍රල් හා ඩීසල් ප්‍රශ්නයක් ඇති අතර ගෑස් සංචිත ද අඩු වෙමින් පවතියි. පෙට්‍රල් ගැලුමක වටිනාකම ඩොලර් 15 (ලීටරයක් ඩොලර් 0.264) වේ. නිල සංඛ්‍යා දත්ත වාර්තාවන්ට අනුව රට තුළ උද්ධමනය සියයට 29% ඉහළ ගොස් ඇති අතර සහල් වැනි මූලික භාණ්ඩවල මිල හතර ගුණයකින් වැඩිවී ඇති බව වාර්තා වේ.

1804 දී ප්‍රංශයෙන් හයිටි නිදහස දිනා ගත් අතර 1791 වහල් නැගිටීමේ සංවත්සරයට සමඟාමීව ඊයේ දිනයේ විරෝධතා පැවැත්වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබු‌ණේ.

සශිකලා මධුෂාණී_අවුට්බවුන් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...