ගෝඨාභය රාජපක්ෂ මහතා නුදුරු දිනකදීම ශ්රී ලංකාවට පැමිණෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයකු වශයෙන් ඒ මහතාට හිමිවිය යුතු ආරක්ෂාව සහ අදාළ වෙනත් පහසුකම් ලබාදෙන ලෙස තම පක්ෂය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි අතර ජනාධිපතිවරයාගෙන් ඊට ඉතාම යහපත් ප්රතිචාර ලැබුණු බවයි ලේකම්වරයා සඳහන් කළේ.
එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් දේශපාලනයට පැමිණෙන්නේද නැද්ද යන්න ඒ මහතාම තීරණය කළයුතු බව පැවසූ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ඒ මහතාට සියලු අයිතිය ඇති බවත් ප්රකාශ කළේය.
RN