ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: ඉරානය විසින් ගමන ගමනය අවහිර කර තිබෙන හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කර ගැනීම වෙනුවෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් නෙටෝවට සහ ආසියා ෆැසිෆික් කලාපයට අවධාරණය කර තිබේ.
ජනාධිපතිවරයා පවසන්නේ හෝමූස් සමුද්‍ර සන්ධියේදී හමුවීමට කැමැත්තෙන් සිටින බවයි.
කෙසේවෙතත් ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ ජනාධිපති ට්‍රම්ප් විසින් සෙසු මිත්‍ර රටවල් වෙත අනිසි බලපෑමක් සිදුකරමින් සිටින බවයි.
ඔහු නේටෝ සාමාජිකයින් “කඩදාසි කොටි” ලෙස හඳුන්වන අතර ඔවුන් ඉහළ තෙල් මිල ගණන් වලට කැමති නැති බව පැමිණිලි කළ නමුත් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා සන්ධානයකට සම්බන්ධ වීමට ඔවුන්ට අවශ්‍ය නැති බවයි ට්‍රම්ප් පවසන්නේ.
ඒ අනුව ධවල මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවලදී පවා ජනාධිපති ට්‍රම්ප් මිත්‍ර රටවල වෙත සිය බලහත්කාරය යොදවන බවට දැන් දැන් චෝදනා එල්ල වී තිබේ.
ඇමරිකාව බලාපොරොත්තු නොවූ තත්ත්වයකට ඉරානය විසින් යුද්ධය අඛණ්ඩව පවත්වාගෙන යමින් සිටින අතර ඔවුන් මේ වන විට කලාපයේ බලශක්ති පහසුකම් වෙත පහර දෙමින් පසුවෙයි.
මෙම වටපිටාව මත ඉන්ධන මිල ඉහළ යාම මෙන්ම සමුද්‍රීය ප්‍රවාහන කටයුතුද අඩපණ වීම තුළ ගෝලීය බලශක්ති අරබුදය සමඟ ජාතික වශයෙන් අර්බුද පැනනගිමින් පවතියි.
ඒ අනුව ඉහළ යන තෙල් මිල පාලනය කර ගැනීම සඳහා ඇමරිකාව විසින් ඉරානය වෙත පනවා තිබූ සම්බාධක ද දින 30කට අතිහිටුවන ලදී.


