සටහන – රුවන් නෙළුගොල්ල
පෞද්ගලික බස් රථ සියයට 90ක් පමණ අද (22) දිනයේදී ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ඊයේ (21) දින පියවර ගෙන ඇති බව පැවසූ ඒ මහතා ඒ හේතුවෙන් අද (22) දිනයේදී බස්රථ ධාවනය නොකිරීමට තීරණය කළ බව බස්රථ හිමියන් තමන්ට දැනුම්දුන් බවයි සඳහන් කළේ.
ඒ අනුව නව බස් ගාස්තු සංශෝධනයක් සමඟින් බස්රථ ධාවනය කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


