කන්ටේනර් ගාස්තු ගැනත් තීරණයක්…

රෂිකා හෙන්නායක මාර්තු 22 , කොළඹ LNW :

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බහාලුම් ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළ නැංවීමට ප්‍රවාහන සංගම් තීරණය කර ඇති බව වාර්තා වේ.

ඉන්ධන අර්බුදය හමුවේ ආනයන හා අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම මිල සංශෝධනය අත්‍යවශ්‍ය පියවරක් බව බලධාරීන් පෙන්වා දෙයි.

වරාය කටයුතු ප්‍රමාද වීම සහ ඉන්ධන පෝලිම් හේතුවෙන් සිදුවන කාලය නාස්ති වීම නිසා මෙහෙයුම් පිරිවැය සහ ප්‍රමාද ගාස්තු අධික ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

විශේෂයෙන්ම බහාලුම් නිෂ්කාශනය සඳහා ගතවන දින ගණන වැඩිවීම ප්‍රවාහන සේවා සපයන්නන් මුහුණ දෙන ප්‍රධාන මූල්‍ය අභියෝගයක් ලෙස හඳුනාගෙන ඇත.

පාරිභෝගික භාණ්ඩ ප්‍රමාදයකින් තොරව ජනතාවට ලබාදීම සඳහා මෙම ගැටලුවලට කඩිනම් රජයේ මැදිහත්වීමක් අවශ්‍ය බව ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියෝජිතයෝ අවධාරණය කරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...