Home පුවත් ක්‍රී​ඩා පෙබරවාරි අයිසීසී තීරණය හර්ෂිතා ද…?

පෙබරවාරි අයිසීසී තීරණය හර්ෂිතා ද…?

නිශ්මං රණසිංහ ,මාර්තු 22, කොළඹ LNW:

මාර්තු මස 21 වන දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.00 ට පමණ අවසන් වීහ තිබුණ පෙබරවාරි මාසයේ අයිසීසී ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තේරීම ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් වෙනවා.ඒ පෙබරවාරි මාසයේ ක්‍රීඩිකාව වන්නට හර්ෂිතා සමරවික්‍රම සුදුසුකම් ලබා සිටින නිසයි.ඇය සමඟ උප මහද්වීපික කළාපයට අයත් ක්‍රීඩිකාවන් දෙදෙනෙකුම ඇයට අභියෝග කරමින් සිටින අතර ඔවුන් දෙදෙනා ඉන්දියාවේ අරුන්දතී රෙඩ්ඩි සහ පකිස්තානයේ ෆාතිමා සානා වීමත් විශේෂිතයි.

සානා දකුණු අප්‍රිකාව පැවති තරගයේදී දැක් වූ දක්ෂතා මතත්,අරුන්දතී ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරගවලදි දක්ෂතා මතත් මේ සඳහා සුදුසුකම් ලබා සිටිනවා.මෙම සංචාර ගත් විට පකිස්තානය දකුණු අප්‍රිකාවට පරාජය වෙන තත්ත්වයක් තුළ සානා මෙමදස්කම පෙන්වා තිබෙනවා.ඉන්දියාව විස්සයි විස්ස තරගයේදි දැක් වූ දක්ෂතා අනුව තරගාවලිය ජය ගත්තත් ඔස්ට්‍රේලියා සංචාරය ඔවුන්ට සාර්ථක එකක් වුණේ නැහැ.එහෙත් ජයගත් විස්සයි විස්ස තරගාවලියේදී අරුන්දතී පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු 8 ක් ලබා ගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකාව අතර පැවති එක්දින තරගාවලිය ජය ගැනීමට අංක 3 පිතිකරු ලෙස හර්ෂිතා සමරවික්‍රම දැක් වූ දක්ෂතා පදනම් කරගෙන එම තරගාවලිය ශ්‍රී ලංකාව ජයගත් බව පැහැදිළියි. වමත් ක්‍රීඩිකාව එක්දින තරග තුනකදී ලකුණු 171 ක් රැස් කරමින් 57.00 ක සාමාන්‍යයක් තබා ගත් අතර එම ඉණිම් ජයග්‍රහණයට පාදක වන අයුරු පැහැදිළි අතර ඒ අනුව ඇය මේ ජයග්‍රහණයේ වීරවරියද වූවා.

මේ තේරී සිටින ක්‍රීඩිකාවන් අතරේ තරග ජයග්‍රහණය සඳහා වන දායකත්වය අනුව හර්ෂිතා ඉදරියෙන් සිටියත් එය තීරණය වන්නේ ලොව පුරා සිටින ක්‍රීඩා ලෝලීන්ගේ කැමත්තට අනුවයි.එයට මුල සිට අවසානය දක්වා දායකත්වය දක්වන්නට විශේෂ කණ්ඩායමක් ICC මාසයේ ක්‍රීඩිකාව සඳහා වන ඡන්ද ඇකඩමිය කමින් නම් කර තිබෙනවා.

එම ඡන්ද ඇකඩමිය

ඇෆ්ගනිස්ථානය: ජාවෙඩ් හමිම්; ඕස්ට්‍රේලියාව: ඩැනියෙල් චර්නි; බංග්ලාදේශය: මසාර් උඩ්ඩින් සහ එම්ඩී අරිෆුල් ඉස්ලාම් රෝනි; එංගලන්තය: ක්‍රිස් ස්ටොක්ස් සහ ලිඩියා ග්‍රීන්වේ; අයර්ලන්තය: ගර් සිගින්ස් සහ ක්ලෙයාර් ෂිලිංටන්; ඉන්දියාව: එස් ගෝමේෂ් සහ ශිවානි ගුප්තා; නවසීලන්තය: ක්‍රේග් කමිං; පකිස්ථානය: සලීම් ඛලික් සහ සානා මිර්; දකුණු අප්‍රිකාව: සහියර් ඇඩම්ස් සහ ඈෂ්වෙල් ප්‍රින්ස්; ශ්‍රී ලංකාව: ධනුෂ්කා අරවින්ද සහ ෆර්වීස් මහරූෆ්; බටහිර ඉන්දීය කොදෙව්: ඩැරන් ගංගා සහ ස්ටේසි ඈන් කිං; සිම්බාබ්වේ: ලෝරන්ස් ටෘසිඩා; අනෙක් අය: ඩැරන් ඇලන් කියෙයියුන් සහ කයිල් කෝට්සර්.