කොළඹ උතුරට ගම්පහ පන්දුවෙන් හානි – ත්‍රීකුණාමලයට අම්පාර පිත්තෙන් හැනි

නිශ්මං රණසිංහ ,මාර්තු 22, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පළාත් තුළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ කොළඹ උතුර කණ්ඩායමට කඩුලු 10 ක පරාජයක් අත් කර දෙන්නට මුල් වූ ගම්පහ කණ්ඩායමේ චමුදි තමාෂා ලකුණු 7 ට කඩුලු 5ක් සහ විනුදි වීැසූරිය ලකුණු 12 ට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා.මේ නිසා කොළඹ උකුර ඉණිම ලකුණු 42 දී නිමාවට පත් වුණා.පන්දු ඕවර් 11.4 දී ලකුණු 42 ට නිමා වූ කොළඹ උතුර කණ්ඩායම ලබා දුන් ලකුණු 43 ක ඉලක්කය ගම්පහ කණ්ඩායම පන්දු ඕවර් 7.2 වෙද්දී සපුරාගනු ලැබුවා.


අම්පාර කණ්ඩායම සහ ත්‍රීකුණාමල කණ්ඩායම අතර පැවති තරගයේදී පන්දු ඕවර් 20 තුළ සියල්ල නොදැවී කඩුලු 4 ක් ඉතිරි කර ගත් ත්‍රීකුණාමලය කණ්ඩායම සිය ඉණිම නියමිත පන්දු වාර 20 ගෙවෙන තැනදී කඩුලු 6 ට ලකුණු 96 ක් රැස් කර ගෙන සිටියා.ත්‍රීකුණාමලය වෙනුවෙන් භාග්‍යා සෙව්මිිණි ලකුණු 28 ක් රැස් කර ගත්තද එම ඉණිමේ වැඩි අවධානයක් දිනා ගත්තේ අම්පාර කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ දුලාංජලී නවෝධයා යි.ඇය ලකුණු 21 ට කඩුලු 3 ක් දවා ගනු ලැබුවා.පිළිතුරු ඉණිමට පිවිසි අම්පාර කණ්ඩායම පන්දු ඕවර් 11 .2 ක් ගෙවෙන තැන වේගවත් ප්‍රහාරයකින් ඉනික්බිති ලකුණු පූවරුව කඩුලු නොදැවී ලකුණු 98 ක් බවට පත් කර ගැනීමට සමත් වුණා.එහිදී වේලවත්ම පිති ප්‍රහාරය දියත් කළ ‘උදේනි පූර්ණිමා නොදැවී ලකුණු 53 ක් ලබා ගැනීමට සමත් වුණා.


පන්දුවෙන් දස්කම් දැක් වූ දුලාංජලී මෙන්ම පිත්තෙන් දස්කම් දැක් වූ පූර්ණිත් උහන ජාතික පාසල හරහා නිර්මාණය වුණ සම්පත්. රාජිත ළහිරු යටතේ ක්‍රිකට් ශිල්පය හැදෑරු මේ ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන් දුලිංලී මේ වන විටත් තවත් ආකාරයකට ක්‍රිකට් සමඟ සම්බන්ධ වෙමින් දිගාමඩුළු දිස්ත්‍රික්කයේ කණිෂ්ට පුහුණුකාරියක ලෙස ද කටයුතු කරමින් සිටිමත් මෙහිදී වැදගත්.
ඡායාරූපයේ දැක්වෙන්නේ සතියේ වැඩිම ලකුණුලාභිණිය වූ අම්පාර කණ්ඩායමේ උදේනි පූර්නිමා සහ හොඳම පන්දු යැවීම වාර්තා කළ ගම්පහ කණ්ඩායමට වේයන්ගොඩ ධර්මරාජගල විද්‍යාලයෙන් එකතු වු චමුදි තමාශා යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...