රෂිකා හෙන්නායක මාර්තු 23, කොළඹ LNW :
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800ක අලාභයක් සිදුකිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ එහි හිටපු සභාපතිවරයාට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබේ.
මෙහිදී විත්තිකරුවන්ට එරෙහිව ප්‍රධාන වශයෙන් එල්ල වී ඇත්තේ දීර්ඝකාලීන ටෙන්ඩර් පටිපාටි අවලංගු කර වැඩි මිලට ඉන්ධන මිලදී ගැනීමට කටයුතු කිරීමේ දූෂණ චෝදනාවකි.
මෙම නඩු විභාගයට අදාළව අධිකරණය විසින් ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරීමට තීරණය කළ අතර නඩුව නැවත කැඳවීම මැයි මාසයට නියම කර ඇත.
රජයේ දේපළ අවභාවිතය සහ මුදල් අවභාවිතය සම්බන්ධ මෙම සිද්ධිය මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වූවකි.
මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුව ඇත්තේ 2017 සහ 2018 වර්ෂයන් තුළ ක්‍රියාත්මක වූ ඉන්ධන ගනුදෙනු පාදක කරගනිමිනි.



