ජංගම දුරකතන ලබාදෙන තුරු සනත් නිශාන්ත, මිලාන් ජයතිලක රඳවා තබා ගන්නැයි නියෝග

Date:

ගාලුමුවදොර අසල ගෝඨාගෝ හෝම් විරෝධතාවයට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ජංගම දුරකත පොලිස් භාරයට ගන්නැයි මීට පෙර අධිකරණය නියෝග කර තිබිණි. කෙසේ නමුත් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය වූයේ ඔවුන් තවමත් සිය ජංගම දුරකතන පොලීසිය වෙත බාර දී නොමැති බවයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ අද මෙම නඩුව කැඳවා තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් අධිකරණය වෙත දන්වා සිටියේ සැකකරුවන් තවමත් ජංගම දුරකතන ලබා දී නොමැති බවයි.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට තරයේ අවවාද කළ අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ජංගම දුරකතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් අතට පත් කරන තෙක් සැකකරුවන් රඳවා ගන්නා ලෙසයි. අධිකරණ නියෝග කඩ කරන්නේ නම් ඇප අවලංගු කොට යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටද මහේස්ත්‍රාත්වරයා අවවාද කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...