නිශ්මං රණසිංහ ,මාර්තු 25, කොළඹ LNW:
රටේ ආලෝකයට බලපාන ඉන්ධන ගැටළුව නිසා එෆ් කාණ්ඩයේ පන්දු ඕවර් 20 ක්‍රිකට් අවසාන තරගයට ලබා දෙන්නට නියමිතව තිබූ ආලෝකය රට වෙනුවෙන් කැප කරන්නට තීරණය කළ වෙළද සේවා ක්‍රිකට් සංගමය,එහි අනුග්‍රාහකයන් වන Fairfirst එකඟතාවය ද ඇතුව අවසාන තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම් දෙකේ කැපවීමත් අදාළ කර ගනිමින් එම තරගය දිවා තරගයක් ලෙස ක්‍රියාත්මක කරන්නට යෙදිණ.
HNB ඇෂුවරන්ස් කණ්ඩායම 8 වන MCA – Fairfirst ‘F’ කාණ්ඩයේ ඕවර් 20 ලීග් ක්‍රිකට් තරඟාවලියේ අපරාජිත ශූරයන් බවට පත් වූ අතර සිකුරාදා සවස CCC ක්‍රීඩාංගණයේදී මැක්ලරන්ස් කණ්ඩායම කඩුලු හතරකින් පරාජය කරමින් ‘Fairfirst කුසලානය’ දිනා ගත්තේය.
කාසියේ වාසිය දිනාගත් මැක්ලරන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, හසිඳු පෙරේරා පන්දු 47 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් සමඟින් වේගවත් ලකුණු 77 ක් සහ ලහිරු අමරසේකර පන්දු 22 කදී ලකුණු 26 ක් ලබා ගනිමින් ඔවුන්ගේ ඕවර 20 තුළ කඩුලු 8 කට ආරක්ෂාකාරී ලකුණු 146 ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යවන්නන් අතරින් එච්එන්බී කණ්ඩායමේ පසිඳු පැතුම් කඩුලු 3 ක් දවා ගත්තේය.

හඹා යාමේදී, දසුන් අබේවර්ධන පන්දු 34 කදී ලකුණු 57 ක් සහ ලහිරු සිත්ප්‍රිය පන්දු 24 කදී ලකුණු 34 ක් ලබා ගනිමින් HNB ඇෂුවරන්ස් කණ්ඩායම ජයග්‍රහණය ලබා ගත්තේ ඕවරයක් ඉතිරිව තිබියදී සහ කඩුලු 4 ක් අතැතිවය.මැක්ලරන්ස් කණ්ඩායමේ ඉනේෂ් චාමිකර සහ ලහිරු අමරසේකර කඩුලු 2 බැගින් දවා ගත්හ.
තෙවන ස්ථානය සඳහා වූ තරගයේදී, තරිඳු ද සිල්වා කඩුලු 3ක් දවා ගනිමින් ඇන්සල් ලංකා කණ්ඩායම ලකුණු 141/8කට සීමා කළ අතර, නායක ගීත් සංකල්ප පන්දු 39කදී ලකුණු 67ක් රැස් කරමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් MAS Active කණ්ඩායමට ජය ලබා දුන්නේය.
පහතින් දැක්වෙන්නේ මෙම තරගාවලිය ආශ්‍රීතව පිරිනමන්නට යෙදුණ විශේෂ ඇගයිම් සම්මානය.
තරගාවලියේ හොඳම පන්දු යවන්නා – හයිඳු මහරගේ [එමර්කෙමි එන්බී] ලකුණු 118කට කඩුලු 19
තරගාවලියේ හොඳම පිතිකරු – පසිඳු පැතුම් [එච්එන්බී ඇෂුවරන්ස්] ලකුණු 358
තරගාවලියේ ක්‍රීඩකයා – පසිඳු පැතුම් [එච්එන්බී ඇෂුවරන්ස්] ලකුණු 358 සහ කඩුලු 10
අවසන් තරගයේ වීරයා – දසුන් අබේවර්ධන [එච්එන්බී ඇෂුවරන්ස්] පන්දු 34කින් ලකුණු 57
අවසන් තරගයේ ලකුණු විස්තරය
මැක්ලරන්ස් කණ්ඩායම ඕවර 20කදී 146/8 [ඊතන් රන්සිලිගේ 14, හසිඳු පෙරේරා 77, ලහිරු අමරසේකර 26, ෂෙහාන් සඳරුවන් 11; තාරික් නසියාර්1-38, පසිඳු පැතුම් 3-22, දසිස් මංචනායක 1-20, දුලාංජන විජේසිංහ 1-33]
HNB ඇෂුවරන්ස් ඕවර 19 කදී 151/6 [අභිෂේක් ජයවීර 16, දසුන් අබේවර්ධන 57, ලහිරු සිත්ප්‍රිය 34, පසිඳු පැතුම් 12, දුලාංජන විජේසිංහ 13 ; ෂෙහාන් සඳරුවන් 1-15 , ඉනේෂ් චාමිකර 2-38 , ලහිරු අමරසේකර 2-23 , අසංක රණසිංහ 1-13]
තෙවන ස්ථානය සඳහා පැවති තරගයේ ලකුණු විස්තරය
ඇන්සල් ලංකා ඕවර 20 ට 141/8 [සජීව දේශප්‍රිය 46, දේශාන් සිල්වා 38, කවීෂ සම්පත් 11; තරිඳු ද සිල්වා 3-23, ඩිලාන් රණතුංග 1-30, ගීත් සංකල්ප 1-22, රවිඳු ලක්ෂාන් 2-28]
MAS Active ඕවර 19.2 කදී 144/6 [බිනර සංකේත 13, සරිඳු ගිම්හාන 17, ගීත් සංකල්ප 67, තරිඳු ද සිල්වා 23, ඩිලාන් රණතුංග 11*; දේශාන් සිල්වා 1-30, ප්‍රභාත් ධනංජය 3-13, චතුර සංජීව 2-33





