Home පුවත් ක්‍රී​ඩා මැයි 2 සහ 3,පුලා සහ රිලේ බොට්ස්වානා හී දී එකට වෙලේ

මැයි 2 සහ 3,පුලා සහ රිලේ බොට්ස්වානා හී දී එකට වෙලේ

නිශ්මං රණසිංහ ,මාර්තු 25, කොළඹ LNW:

බොට්ස්වානා කි සැනින් මතක් වන්නේ පුලා යන්නයි.එහි අරුත වැස්ස යන්න වුව ද බොට්ස්වානාවට වැස්ස යනු වාසනාවය.ආශිර්වාදයය.ඒ නිසා පුලා යන්න ඔවුන්ගේ ආදර්ශ පාඨය ද වන්නේය.මුදල් ඒකකයද වන්නේය.
මේ පුලා යන්න ඔවුන්ගේ හෘදය රිද්මය හා බැදුණු සංගීතමය ප්‍රකාශනයකි.නර්තන විශේෂාංගයකි.වැස්ස යන්න ඔවුන්ගේ ජීවිතවලට නියගය විසින් දනවන පීඩාවට එරෙහි ආශිර්වාදය වන බැවින් වැස්සෙහි පර්යාය පදය ඔවුන්ගේ විනෝදය සංකේතවත් කරන ධනය සංකේතවත් කරන ආත්මීය ඒකකය වී ඇත.

මොරෝපා (Moropa) නම් සම්ප්‍රදායික බෙරය,ලෙගාඩ් (Leg-rattles) ලෙස නර්තනයේ රිද්මය තීව්‍ර කරන, නර්තන ශිල්පීන්ගේ පාදවල බඳින ලද ශබ්ද නගන ආභරණවලින් නැඟෙන හඩත්,සෙගාබා (Segaba) සහ මරිම්බා (Marimba): තත් වාද්‍ය භාණ්ඩ සහ ලී පතුරු වාද්‍ය භාණ්ඩ මගින් මවන මියුරු තනුවත් සමඟ පොළවට තදින් පහර දෙන නර්තනයත් සංගීතයත් තුළ ඇති ආස්වාදනීය ආත්මීය හැඟීමට සහ දැඩි ශක්ති සම්පන්න විශ්වාසය සහ අධිෂ්ඨානයටම ගැලපෙන ක්‍රීඩා ඉසව්වකට මේ මොහොතේ බොට්ස්වානා සූදානම් වෙමින් තිබෙයි.

ඒ 2026 ලෝක සහය දීවීමේ තරගාවලියය.පුලා නර්තනයේදී පය බිමට වැදෙන ජවයෙන්ම ලොව පුරා සිටින වේගවත් ක්‍රීඩා තරු සිය සාමූහිකත්වය සමඟබොට්ස්වානි හී ගැබොරෝන් හි දී ගැබොරෝන් 26 ලෝක සහය දිවීමේ මංගල්ලයක් සේ සරසවන්නට පුලා නර්තනය සහ සංගීතයද රැඟෙන එනු ඇත.විටෙක එරට රිද්ම අනන්‍යතාවය ද තවත් විටෙක ඒ පොළව විසින් ජිවිතයට බද්ධ කළ ආශිර්වාදාත්මක හැගීමේ ප්‍රකාශයද වූ පුලා සමඟ ලෝකයේ ජවසම්පන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් මැයි 2 වන සෙනසුරාදා සහ මැයි 3 වන ඉරිදා ගැබොරොන් හි දක්වන ආශ්චර්යයන් ලෝකයට අපූරු ආශ්වාදයක් ගෙන එනු ඇත.
අපූරු ගායනාවන් සහ වාදනයන් එකතු කරන රිද්මය සමඟ සමපාත වන නර්තනය සමඟින් ලෝකය ආශා කරන පුලා කලා සම්ප්‍රදායේ වෙලී ඊට සමාන ජවයක් සහිතව දිවෙන ලෝකයේම අපූරු වේගයන්ගේ සංකලන එකිනෙක මුසුවන දින දෙක බොට්ස්වානා ලෝකයට දෙන සිසිලැති පුලා වක් වනු ඇත.ලෝකයේ විශිෂ්ඨයන් එකතුවීමෙන් ඔවුන්ගේ හදවත් ද වැස්සක් මෙන්ම සිහිලැති වනු ඇත.