හරිනිගේ තංගල්ලේ රැස්වීමට නොපැමිණි ගුරුවරුන්ගෙන් හේතු විමසයි

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වෙනිදා තංගල්ල නගර සභාවේ පැවති ගුරු හමුවට ගුරුවරුන් සහභාගී නොවීම සම්බන්ධයෙන් හේතු පැහැදිලි කරන ලෙස තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය ලිඛිතව දැනුම්දී තිබේ.

තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් මාර්තු 24 දිනයේදී සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ අදාළ හමුවට සහභාගී නොවීම සම්බන්ධයෙන් මාර්තු මස 26 වෙනිදාට පෙර හේතු පැහැදිලි කළ යුතු බවයි. ඒ අනුව හේතු පැහැදිලි කිරීම සඳහා විදුහල්පතිවරුන්ට ලබාදී ඇත්තේ එක් දිනක් පමණි.

මෙම ගුරු හමුවට සහභාගී වන ලෙස 800 කට පමණ දැනුම්දී තිබුණ ද එහි පැමිණ සිටියේ 50ක් පමණ පිරිසක් බව පසුගිය සතියේ සමාජ මාධ්‍යවල පළවී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...

වීසා නිදහස් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක්!

රෂිකා හෙන්නායක , ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාව...

ක්‍රිෂ් නඩුව : නාමල්ට සහ ජානකීට ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය...