ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ඉරාන නායකයින් එක්සත් ජනපදය සමඟ සාකච්ජා කරන බව පිළිගැනීමට බියෙන් පසුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
එක්සත් ජනපදය සමඟ සාකච්ජා කිරීමට ඉරානයට අවශ්‍ය නැති බව පැවසුවද ඊට පටහැනිව ඔවුන් සාකච්ජා කරමින් පසුවෙන බවයි ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරන්නේ.
“ඔවුන්ට ඉතා දරුණු ලෙස ගිවිසුමක් ඇති කර ගැනීමට අවශ්‍යයි, නමුත් ඔවුන් එය පැවසීමට බිය වන්නේ ඔවුන්ගේම ජනතාව විසින් ඔවුන් මරා දමනු ඇතැයි ඔවුන් සිතන බැවිනි,” යනුවෙන් ඒ පිළිබඳව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා තිබේ.
එමෙන්ම “ඔවුන් අප විසින් මරා දමනු ඇතැයි ද ඔවුන් බිය වෙති.” යනුවෙන් ඔහු සඳහන් කරයි.
කෙසේවෙතත් මෙම යුද්ධය හේතුවෙන් ඇමරිකාව තුළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 36%ක් දක්වා පහළ බැස ඇති බවද රොයිටර් සේවය වාර්තා කරයි.
මේ අතර ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (25) දිනට සාපේක්ෂව අද (26) යළි ඉහළ ගොස් තිබේ.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 91.39ක් ලෙස සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර එය 1%ක වැඩිවීමක් ලෙස දක්වා ඇත.
බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 103.3ක් දක්වා වැඩි වී තිබේ. එය ද 1.10%ක වැඩිවීමකි.




