සටහන – රුවන් නෙළුගොල්ල
2026 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැට් (VAT) බදු සඳහා ලියාපදිංචි වූ සියලුම පුද්ගලයින් විසින් නිකුත් කළ යුතු බදු ඉන්වොයිසිවල (Tax Invoice) නව ආකෘතිය සහ පිරිවිතරයන් ක්‍රියාත්මක කිරීමේ දිනය මාස තුනකින් දීර්ඝ කිරීමට දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව එම නව ක්‍රමවේදය 2026 ජූලි 01 වැනිදා දක්වා කල් දමා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
2025 නොවැම්බර් 17 දිනැති අංක 2463/05 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් නියම කර තිබෙන මෙම ක්‍රමවේදය වැට් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම පුද්ගලයින් සඳහා බලපැවැත්වේ.


