නෙස්ටමෝල්ට් වෙතින් පාපැදියට හොඳ තල්ලුවක්

Date:

නෙස්ට්ලේ ආයතනයේ නෙස්ටමෝල්ට් සන්නාමය බොහෝ විට ලාංකේය ක්‍රීඩාවේ මාර්ගය පදනම් කරගෙන ක්‍රියාත්මක ඉසව්වලට ශක්තිය දීමට ඉදිරිපත් වීමේ ඉතිහාසයේ අලුත් පියවර සටහන් කරමින්,හෙට (අගෝස්තු 28 වන ඉරිදා) කොළම විහාරමහාදේවී පිටිය වටා පාපැදි තරග සැණකෙළියක් පවත්වන්නට කටයුතු කර තිබෙනවා.තරග ඉසව් හතකින් යුත් මේ තරගාවලියේ වීවාත තරගය ස්ටෑන්ඩර්ඩ් අංශයෙන් පවත්වන්නට නියමිත අතර ඉතිරි තරග රේසිං අංශයේ තරග ලෙස ක්‍රියාත්මක වෙනවා.
ඒ අනුව කණිෂ්ඨ පිරිමි, කාන්තා,වයස අවුරුදු 23න් පහළ පිරිමි,පිරිමි,40ට වැඩි පිරිමි සහ 50ට වැඩි පිරිමි ලෙස රේසිං පාපැදිවලට වෙන් වූ ඉසව් හයක් පැවත්වෙනවා.28 වන දා පෙරවරු 8.00 ට තරගාවලිය ආරම්භ වන අතර පාපැදි ක්‍රීඩා ලෝලීන්ට කලකට පසුව ලැබෙන යහපත් වින්දනාත්මක අත්දැකීමක් සහිත දවසක් වෙන්නට මේ දවස හේතු වෙනු ඇති.
ක්‍රීඩා අමාත්‍යංශයේ උපදෙස් යටතේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය නෙස්ටමෝල්ට් අනුග්‍රහය ඇතිව පවත්වන මේ තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 වැඩි පිරිසක් සහභාගි වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.


RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...