සාමාන්‍ය පවුලක මාසික වියදම 2019ට වඩා රුපියල් 47,000කින් වැඩිවෙලා ?

Date:

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම මේ වනවිට රුපියල් 110,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විශේෂ අධ්‍යනයකින් අනාවරණය වී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි.

2019 වසරේදී එම අගය පැවතියේ රුපියල් 63,000ක මට්ටමේ බව පැවසූ ඒ මහතා ඒ අනුව පවතින උද්ධමනකාරී තත්වය හමුවේ 2019ට වඩා මේ වනවිට මෙරට සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 47000කින් වැඩි වී ඇති බවයි සඳහන් කළේ.

එසේම 2019 වසරේදී රුපියල් 14,500ක්ව පැවති මෙරට අන්ත දුගී පවුලක මාසික පරිභෝජන වියදම මේ වනවිට රුපියල් 25,500ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. මෙම අන්ත දුගී කොටසට මෙරට ජන ගහණයෙන් ලක්ෂ 21ක පිරිසක් අයත් වන බවත් ඒ මහතා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...