හිතුවටත් වඩා වේගෙයෙන් යළි නැගිටින උඩරට දුම්රිය මාර්ගය!

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් ධාවන කටයුතු අඩාල වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට නානුඔය දක්වා කොටස ඉදිරි මාස කිහිපය තුළදී විවෘත කරන බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

බදුල්ලේ සිට නානුඔය දක්වා දුම්රිය මාර්ගය මේ වන විට විවෘත කර ඇති බවත් නානුඔය සිට අඹේවෙල දක්වා කොටස කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි මාස හතරක පමණ කාලය තුළදී උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට නානුඔය දක්වා ද මෙම වර්ෂය තුළදී රඹුක්කන සිට පේරාදෙණිය දක්වා ද දුම්රිය ධාවනය කිරීමට හැකි වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙම සියලු ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ තාක්ෂණික අධීක්ෂණය මත ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සිදුවන බවයි හෙතෙම පවසන්නේ.

ශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපති HE Andrés González Garrido මහත්මිය පසුගියදා සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දුටු අතර එම අවස්ථාවට සහභාගීවූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පවසන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...