එකඟතා බින්දොත් අපි ආපහු වර්ජනයේ

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත එළඹෙන 09 වැනිදා සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ජාවෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග සිය මධ්‍යම කාරක සභාව රැස් වී ගන්නා බවත් එකඟතා බිඳ දමන්නේ නම් නැවත වර්ජන ක්‍රියාමාර්ගයට යොමුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස අද (06) මාධ්‍ය හමුවක් කැඳවමින් පවසන්නේ පවතින තත්ත්වය පිළිබඳව අද උදෑසන ජනාධිපතිවරයා කතා කළ බවත් අමාත්‍යවරයා සමඟ සාකච්ජා කර එය විසඳා ගැනීමට නොහැකි වුවහොත් තමන් ඊට මැදිහත් වන බව පැවසූ බවයි.

කෙසේවෙතත් ප්‍රශ්නගත වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලිය මීට පෙර පවත්වාගෙන ගියේ කිසිදු දේශපාලන අතපෙවීමකින් තොරව බව ඔහු කියා සිටියි.

පවතින ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා සාකච්ජාවක් ලබා දීම මත වර්ජනය නැවැත්වූ නමුත් පොරොන්දු කඩ කරන්නේ නම නැවත වර්ජනයට යොමුවන බවට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෝඩයන්ට ඇන්දවීමට උත්සහ නොකරණ ලෙස ලේකම්වරයා කියා සිටියි.

පසුගිය දිනවල වර්ජන ක්‍රියාමාර්ගයට යොමුවීමට සිදු වුණේ ඇමතිවරයාගේ ක්‍රියාකලාපය නිසා යයිද හෙතෙම තවදුරටත් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...