චීන පොහොර නැවට ඩොලර් 69 ලක්ෂයක් ගෙවපු එකේ කිසිම වරදක් නෑ – ඇමති මහින්දානන්ද

Date:

ප්‍රශ්නගත කාබනික පොහොර නෞකාව අයත් චීන පොහොර සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමෙහි කිසිදු වරදක් නොමැති බවත් එයින් ශ්‍රී ලංකාවට කිසිදු මූල්‍යමය පාඩුවක් නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.

“චීනය ගෙවපු එකේ කිසිදු වරදක් නැහැ. නීතිපතිවරයාගෙ උපදෙස් පරිදි තමයි මෙය සමථයකට පත්වුණේ. ඒ චීන සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 5 ක ඇපකරයක් තියලා, නියම ප්‍රමිතියට පොහොර ලබාදෙන්න එකඟවෙලා තියෙනවා. දැන් ආපහු නැව ගිහිල්ලා, හරි පොහොර හදලා, සාම්පල් එවලා, නිරෝධායන ඒකකය පරීක්ෂා කරලා, ඒ පොහොර නැව නැවත ලැබෙනවා. මේකෙ එකම දේ තියෙන්නෙ නියමිත වෙලාවට පොහොර අපට නොලැබීම පමණයි අපට වෙච්ච පාඩුව. මුදලින් කිසිම පාඩුවක් වෙන්නෙ නෑ”

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) ගන්නෝරුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...