රෂිකා හෙන්නායක අප්‍රේල් 07, කොළඹ LNW :
මැලේසියානු ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ විදේශ සෘජු ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා මෙරට සංචාරයක නිරත වූහ.
මෙම කණ්ඩායම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් සමඟ සාකච්ඡා පවත්වමින් තොරතුරු තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය සහ නිෂ්පාදන අංශය වැනි විවිධ ක්ෂේත්‍ර කෙරෙහි සිය අවධානය යොමු කළහ.
මෙරට ඩිජිටල් පරිවර්තනය සහ අපනයන වෙළඳපොළ තුළ ඇති හැකියාවන් පිළිබඳව දූත පිරිස දැනුවත් කෙරුණු අතර, ආයෝජනයට සූදානම් කර ඇති ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් විය.

විශේෂයෙන්ම තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සහ කෘෂි සැකසුම් කර්මාන්ත පිළිබඳව මැලේසියානු ආයෝජකයින් වැඩි උනන්දුවක් දක්වා තිබේ.
දෙරට අතර ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගැනීම අරමුණු කරගත් මෙම සංචාරය තුළින් ශ්‍රී ලංකාවේ කාර්මික කලාපවල ප්‍රායෝගික නිරීක්ෂණ ද සිදු විය.
මෙමගින් මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර නව ව්‍යාපාරික සබඳතා ඇති කර ගැනීමට ශක්තිමත් පදනමක් වැටී ඇත.





