විමල්ට, වරුණට පහරදෙන්න පාටියක් ?

කොළඹ අමාරි සුඛෝපභෝගී හෝටලයේදී සමාජ මාධ්‍ය ක්‍රියකාරිකයින් පිරිසක් වෙනුවෙන් ඊයේ (08) රාත්‍රියේ විශේෂ සාදයක් පවත්වා ඇති බව වාර්තා වේ. ආණ්ඩු පක්ෂයට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් මෙන්ම විපක්ෂයට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් පිරිසකට ද මීට ආරාධනා කර තිබී ඇත.

මෙරට ඉහළම පෙළේ ධනවතෙකු වන බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් මහතා විසින් මෙහි බරපැණ දරා ඇති බව සඳහන්.

මේ වනවිට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට දැඩි හිසරදයක් වී ඇති හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ සමගි ජන බලවේගයේ ගම්පහ සංවිධායක වරුණ රාජපක්ෂට එරෙහිව දෙපැත්තකින් ප්‍රහාරයක් දියත් කරවීම මෙම සාදයේ අරමුණ වී ඇති බව ආරංචිමාර්ග පැවසීය.

විමල්ට සහ වරුණට ආණ්ඩුවේ පැත්තෙන් කොහොමත් පහරදෙමින් සිටින නිසා විපක්ෂයේ පැත්තෙන් ද ඔවුන්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් ආරම්භ කරන්නැයි මෙම සාදයට සහභාගී වූ විපක්ෂයට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීගෙන් ඉල්ලා ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නක් ; තිදෙනෙකු මරුට, 36ක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක...

“ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය”

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක...

අම්බලන්ගොඩ ධීවර වරායේ පැවති උත්සවයේදී මොකද වුණේ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: අම්බලන්ගොඩ ධීවර වරායේ පැවති...

රතු කාඩ්පතකින් බේරුණු මෙසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ක්‍රීඩාවේ පවතින ඉහළ තරගකාරීත්වය...