එක්කෝ පච කියන එක නවත්වන්න. එක්කෝ දුන් පොරොන්දු ඉටු කරන්න. නැතිනම් ගෙදර යන්න – සුරේෂ් සෝමදාස

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම, විදුලි බිල් වැඩිකිරීම සහ ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව විරෝධතාවක් ඊයේ (08) ගලිගමුව නගරයේදී පැවැත්විණි.

එහිදී ප්‍රදේශවාසීන් මහදවල් පන්දම් පත්තු කරගෙන සටන් පාඨ කියමින් උද්ඝෝෂණයක නිරත වනු දක්නට ලැබිණි.

එම විරෝධතාව අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වූ සජබ ගලිගමුව ආසන සංවිධායක සුරේෂ් සෝමදාස මහතා මෙසේ පැවසීය.

“මැතිවරණයට කලින් මේ අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම දුන්නා පොරොන්දු මාලාවක්. අද වෙනකොට ඒ සියල්ල බොරු බවට පත්වෙලා තියෙනවා. අත්‍යාවශ්‍ය ආහාර, අධ්‍යාපන උපකරණ සහ ඖෂධවල වැට් බද්ද නිදහස් කරනවා කිව්වා. අද වෙනකොට අත්‍යාවශ්‍ය ආහාර මිල විශාල ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. අධ්‍යාපනය සඳහා පොත් සහ අනෙකුත් උපකරණවල මිල විශාල ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය පැත්ත ගත්තොත් රෝහල්වල බෙහෙත් නෑ. බෙහෙත් හේත් මිල වැඩිවෙලාත් තියෙනවා. ඒ වගේම 33%කින් විදුලි බිල අඩුකරනවා කිව්වා. නමුත් අද වෙනකොට ඒ වගේ තුන් ගුණයකින් විතර විදුලි බිල වැඩිවෙලා. ඒ වගේම ඩීසල් මිල අඩුකරනවා කියලා කිව්වා. ඊයෙ වෙනකොට ඩීසල් රුපියල් 500 වෙන්න ගිහිල්ලා. ඒ වගේම ගෑස් මිල වැඩිවෙලා. පොහොර නෑ. ගොවියාට වගාව කරගන්න විදියක් නෑ. රටින් හාල් ගෙන්වන්නෙ නෑ කිව්වා 2024දී. නමුත් දැනුත් රටින් හාල් ගෙන්වනවා. මේ අවුරුද්දටත් කිරිබත් උයන්න වෙලා තියෙන්නෙ රට හාල්වලින්. කිව්ව කිසිදෙයක් ඒ විදියට නොකරපු ආණ්ඩුවක් මේක. අනුර කුමාර දිසානායක මැතිතුමාලාගෙ මේ ආණ්ඩුව එක්කෝ පච කියන එක නතර කරන්න ඕනෙ. එක්කෝ වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න ඕනෙ. නැත්නම් ගෙදර යන්න ඕනෙ. ඒ වෙනතෙක් අපි මේ සටන දියත් කරනවාමයි”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...