ඇමති ඉංජිනේරු කුමාර ගල් අඟුරු සමාගමේ ලොක්කන්ව බිල්ලට දීමේ සූදානමින් ?

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

මෙම විශ්වාසභංගයට අදාළ ගල් අඟුරු ගනුදෙනුව පිළිබඳව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ (පොදු ව්‍යාපාර කාරක සභාව) විශේෂ රැස්වීමක් ද ඊයේ (09) පස්වරුවේ පැවැත්වී තිබිණි. එය පැය 06ක පමණ කාලයක් තිස්සේ ඇදීගොස් ඇති බව සඳහන්.

එහිදී අනාවරණය වූ කරුණු අනුව, මෙම බාල ගල් අඟුරු ගෙන්වීම පිළිබඳව තමන්ට එල්ල වී ඇති චෝදනාවලින් බේරීම සඳහා කුමාර ජයකොඩි අමාත්‍යවරයා ලංකා ගල් අඟුරු සමාගමේ ඉහළ නිලධාරීන්ව බිල්ලට දීමට සූදානමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...