රාජ්‍ය සේවයේ ලක්ෂ 16න් හරියට වැඩ කරන්නේ ලක්ෂ 6යි – ඇමති රොෂාන්

Date:

මෙරට රාජ්‍ය සේවයෙහි ලක්ෂ 16ක් පමණ දෙනා සිටින නමුත් ඔවුන් අතරින් අවංකව තම සේවය ඉටු කරන්නේ ලක්ෂ 6ක පිරිසක් පමණක් බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

“රාජ්‍ය සේවයේ ලක්ෂ 16ක් ඉන්නවා. මම බොහොම පැහැදිලිව කියනවා, අවංකව තමන්ගේ සේවය කරන්නෙ මේ ලක්ෂ 16න් ලක්ෂ 6යි. රාජ්‍ය සේවකයොමයි විවේචනය කරන්නෙ රාජ්‍ය සේවය. ඒක ඒ රාජ්‍ය සේවයේ සියලු දෙනාටම ඉලක්ක වෙන්න හොඳ නෑ. උදේ පාන්දර ඇවිල්ලා රෑ 8 – 9 – 10 වෙනකල් කාර්යාලයේ වැඩකරන, සෙනසුරාදාත් වැඩකරන රාජ්‍ය සේවයේ බොහොම අවංකව මහත්තුරු ඉන්නවා. අන්න ඒ අයව ආදර්ශයට අරගන්න ඕනෙ රාජ්‍ය සේවකයො.

ඒ වගේම සමෘද්ධි නිලධාරීන්ගේ වගකීම වෙන්න ඕනෙ කොහොමද එයාලාට දෙන ඒ මුදල අනුව අවුරුදු දෙකකින් ඒ අයව ඒ තත්වෙන් එගොඩ කරන්නෙ කියන එක. කෘෂි උපදේශකයින්ට තියෙන්න ඕනෙ ගමේ හැම ගෙදරකම වගා කිරීමේ වගකීම. ඒ අයට නිෂ්පාදන ඉලක්කයක් දෙන්න ඕනෙ. අන්න ඒ විදියට රටේ දේශපාලනඥයාටයි, නිලධාරියාටයි හැමෝටම නිසි වගකීමක් දෙන්න ඕනෙ කාල රාමුවක් එක්ක. මේක ගොඩ එනවා. මෙතනින් එහාට වැටෙන්න තැනක් නෑ, උපරිම වැටිලා ඉන්නෙ. හැබැයි ගොඩ එන එක වේගයෙන් කරන්න පුළුවන් දේශපාලනඥයාත් නිලධාරියාත් මහජනතාවත් කැපවීම් කළොත්”

අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) කුරුණෑගල ප්‍රදේශයේ පැවති වැඩසටහනක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!