අලුත් අවුරුද්දට තෙල් ගහන්න QR ඉවතට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අලුත් අවුරුදු උත්සව සමය මුල්කරගනිමින් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත්කිරීමේ දී ‘QR’ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.

කෙසේ නමුත් ‘ඔත්තේ ඉරට්ටේ’ සැලකිල්ලට ගන්නා බවයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම ඩීසල් වාහන සඳහා ‘QR’ක්‍රමය එළෙසින්ම ක්‍රියාත්මකයි.

මේ අතර පැමිණීමට නියමිත පිරිපහදු කළ තෙල් නැව් සංඛ්‍යාවත් සමඟ ජූනි මස අවසන්වන තෙක් පෙට්‍රල් 92 හා 95 හිඟයකින් තොරව ලබාදීමේ හැකියාව තිබෙන බවද සභාපතිවරයා පවසයි.

අප්‍රේල් මාසයේ පිරිපහදුකළ තෙල් නැව් 12ක් පැමිණීමට නියමිත බවයි ඔහු පවසන්නේ. මේ අතර තහවුරු කරගත් නෞකාව අනුව මැයි අවසන් වනතෙක් ඩීසල් ලබාදීමට හැකියාව ඇති බවද රාජකරුණා මහතා කියාසිටියි.

මේ අතර අප්‍රේල් 13වනදා විදුලිය සඳහා ෆර්නස් ඔයිල් (Furnace Oil) මෙ.ටො. 30,000ක් රැගත් නෞකාවක් පැමිණෙනන් අතර ඒ හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද ප්‍රකාශ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...