*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

නජිබුල්ලාගේ හයේ වැස්ස සහ ණය ගන්න රටට ගහන්න ඇෆ්ගන් උදව් ඉල්ලිමේ වෙනස් කතාව

ශ්‍රී ලංකාව දකුණු ආසියාතික කළාපයේ ක්‍රීඩාවෙන් ප්‍රබලයෙක්ව සිටි සමයේ සහෝදර කළාපීය රටවල ක්‍රීඩාවට බොහෝ සෙයින් උදව් උපකාර කළ බව අපි දනිමු.නමුත් රටේ පැවති පාලනයන් ඒ සම්බන්ධයෙන් දැක් වූ හීන උනන්දුව සමඟ උදව් ලැබූ රටවල් ක්‍රමයෙන් අපව පසුකර ගොස් ඇත.උදාහරණයකට ශ්‍රී ලංකාවෙන් පාපන්දු උදව් ලබා ගත් මාල දිවයින අද අපට වඩා බොහෝ ඉදිරියෙන් සිය පාපන්දුවේ කළමණාකරනය පවත්වා ගෙන යමින් ක්‍රීඩක දක්ෂතා සෙසු රටවලට අභියෝගයක් වන මට්ටමට සකස් කර ගෙන සිටියි.
බංගලාදේශයේ ක්‍රිකට් ද එබඳුය.පිටි සැකසීමේ සිට කණිෂ්ඨ ක්‍රීඩකයින් පුහුණුකිරීම දක්වා බංගලාදේශ ක්‍රිකට් ගොඩ ගැනීමට දායක වූවෝ ලාංකිකයෝය.ආර්තික සහ සමාජ දේශපාලන කාරණා අතින් ශ්‍රී ලංකාවට වඩා පසුපසින් සිටි බංගලාදේශය ක්‍රමයෙන් අපව පසු කර ගොස් ශ්‍රී ලංකාවට ණය දෙන රටක් බවට පත් ව ඇත.විශාල ගෝනි ලණු වෙළද පොළක් පමණක් තිබෙන බව දශක තුනකට පෙර දැන සිටි බංගලාදේශය අද ඇගළුම් කේෂ්ත්‍රයේ විශාල වෙළඳ පොලක් ශ්‍රී ලංකාව පසු කරමින් අත් කරගෙන ඇත.අද ද විශාල ලාංකිකයන් පිරිසකට එහි ඇති දැණුමට සරිලන ගෙවීමක් ලබමින් සේවය සපයන අතර එහි දැණුමද ක්‍රමයෙන් අද වන විට ස්වදේශිකයන් අතට භාවිතාව තුළින්ම අත්පත් වෙමින් ඇත.

එසේම බංගලාදේශයේ බොහෝ දෙනෙක් ද පෙර කල දැණුම පුළුල් කර ගැනීමට ලංකාවේ පිහිට පැතූ අතර අද වන විට එම තත්ත්වය යම් තරමකට දැක ගන්නට ඇත්තේ බංගලාදේශ භික්ෂූන් වහන්සේලා ධර්ම අධ්‍යයනය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගන්නා තත්ත්වය තුළ පමණි.අද ඒ වෙනුවට ජාත්‍යන්තර වෘත්තීමය දැණුම සම්පාදනය කරන තැනක් බවට බංගලාදේශය පත් වි ඇති අතර එහි ඇති වෛද්‍ය විද්‍යාලවලින් ලාංකිකයෝ විශාල පිරිසක් ද වෛද්‍යවරු හැටියට බිහිවන අතර බංගලාදේශ මධ්‍යම පංතියටද වෛද්‍ය වෘත්තිය ආක්‍රමණය කිරීමට ඒ හරහා මාවත් විවර කරමින් ඇත.නමුත් ශ්‍රී ලංකාව විදේශ විනිමය ලැබෙන සහ විදේශ ගතවීමට නොහැකි මධ්‍යම පාංතික පවුල්වල දරුවන්ට එම අවස්ථාව උදා කර දෙන්නට ගන්නා උත්සාහයන් මේ වන තෙක්ම ව්‍යර්ත වී ඇති අතර ඒ නිසා රටට ලැබීමට හැකි විශාල විදෙස් මුදලක් අහිමි කරගෙන සිටියි.

විරුද්ධ වන වෛද්‍ය විද්‍යාල හැඩයේම විදෙස් වෛද්‍ය විද්‍යාලවලින් වෛද්‍ය උපාධි ලබා මෙරට වෛද්‍ය කේෂ්ත්‍රයේ ලියාපදිංචි වී සිටින වෛද්‍යවරුන්ද මේ විරෝධයට එකතු වන වෛද්‍ය සංගම්වල නිලධාරී ලෙස කටයුතු කරන අතර විරෝධය දක්වන ඇතැම් දේශපාලන සංවිධානවල ද එවැනි වෛද්‍ය වෘත්තිකයන් ඇත.ඒ ආකරයට විදෙස් මුදල් සංචිත සවිමත් කර ගන්නට අධ්‍යාපනය ජාත්‍යන්තර වෙළද පොළ වටිනාකමක් බවට පත් කර ගෙන සිටින බංගලාදේශය මේ වන විට ශ්‍රී ලංකාවට ණය ලබා දෙන රටක් වි ඇති අතර ඔවුන් දියුණුවත් සමඟම මිනිසුන්ගේ සෞඛ්‍ය සහ නිරෝගිකමත්,ක්‍රියාශීලීබවත් පදනම් කරගෙන එරට ක්‍රීඩාවට විශේෂ අවධානයක් යොමු කරන්නට පටන් ගෙන ඇත.ක්‍රීඩාව දියුණුව සමඟම රටක ඉදිරියට යන අතර ක්‍රීඩාව දියුණුව රටක දියුණුවට වැදගත් බව ද විහ්වාස කරන රටක් බවට බංගලාදේශය පත් වි ඇත.

අද වන විට ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුව ද,එය පිරිමි අංශයෙන් ඉන්දියාවට පසුපසින් තිබෙන අතර පකිස්තානය ඉක්මවා යාම සිඳු වි ඇත්තේ ද ඉද හිටය.එවැනි අවස්ථා සහ ඉන්දියාවට අභියෝග කළ හැකි නිර්මාණය වූ අවස්ථා කිහිපයක්ම මතුව ඇතත් ඒ අවස්ථාවලදී පරිපාලනය කර තිබෙන්නේ ඊට දායක වූ පුහුණුකරු තනතුරු සහ ක්‍රීඩක තනතුරුවලට ලැබෙන පුළුල් සමාජ ආකර්ශණය සමඟ ඇතිවන යම් ආකාරයක කුහක සිතුවිල්ල සමඟ පාලකයාගේ “ස්ර්” කෑල්ලේ බලය රඳවා ගැනීම සඳහා මතුවන චරිත අල්ලා යට ගැසීමය.බංගලාදේශය ඒ වෙනුවට පුද්ගල සංවර්ධනයෙන් රටට අත්වන ප්‍රතිලාභ ගැන පුළුල් දේශපාලන අදහසකින් කටයුතු කරන අතර එය වොලිබෝල්වලට ද අදාළ කර ගනිමින් ශ්‍රී ලංකාවට කණ්ඩායමක් සහභාගි කරවා ගැනීමටවත් ඉඩක් නොලැබුණු ආසියානු කුසලාන කණිෂ්ඨ තරගාවලියේදී මෙවර බංගලාදේශය පකිස්තානය ද අභිබවමින් ප්සවන තැනට පැමිණි අතර ඉරාකය,කටාරය වැනි රටවල් පරාජය කළ බංගලාදේශය පස්වන ස්ථානය සඳහා වූ තරගයේදි චීනයට ද වට 3-2 න් පරාජය වන්නට තරම් ප්‍රබල තරගයක් ලබා දුන් නිසා ඉදිරියේදී අපේ ජාතික ක්‍රීඩාවට පිරිමි අංශයේ තෙවන තැන පවා අහිමි වන්නට ඉඩ තිබෙනවා.
ඉන්දියාවද වරෙක අභිබවා සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ද පළමුවරට නේපාලයටත් පසුපසට වැටුණ වොලිබෝල් ක්‍රීඩාවක් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවේ ප්‍රගති සමාලෝචනයට වඩා මෙහි දි සැළකිල්ල යොමු කළ යුත්තේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ණය දෙන තත්ත්වයට ශක්තිමත් වෙමින් සිටින්නේ එරටේ ක්‍රීඩා පෞරුෂයේ වටිනාකමද ලියලන්නට හරිමින්ය.
සටහනට පාදක වූ නජිබුල්ලා ෂඩ්රාන්ගේ හයේ වැස්සෙන් ඇෆ්ගනිස්තානය තරමට ශ්‍රී ලාංකිකයන් ආස්වාදයට පත් වීම සිඳුවන්නේ ක්‍රිකට්මය වටපිටාවක නොවන බව අවබෝධ කර ගත යුතුය.ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් යනු ඇෆ්ගන්වලින් දුර් තැනෙක පහසුවෙන් වැඩෙන දෙයකි.පාලකයා අභිබවා ගිය තැනෙක ඇති ක්‍රිකට් පාලකයාට මුවා වෙන්න තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ නොවැටි කුළුණ ද වන්නේය.ඒ නිසා යුද්ධයේ පීඩාව සිය පවුල් නෑ හිත මිතුරු සමාජයට කරන වදය ඔවුන් දැනගන්නා අතරේම ඒ වෙනුවෙන් කරන ප්‍රකාශයන්හි අගය රැඳෙන්නේ තමන්ට ඇති කීර්තියේ වපසරිය තුළ බව ක්‍රිකට් ක්‍රීඩකයෝ හඳුණති.තලේබාන් පාලනයේ ප්‍රවේශයේදී ම රශිඩ් ඛාන් වැන්නන් සිය පෞද්ගලික සමාජ ජාලා ගිණුම් හරහා ලෝකය ආමන්ත්‍රණය කරමින් මෙහි ඇති ව්‍යසනය දැණුම් දුන් බව අපට මතකය.තවමත් ඔවුන් ඒ ඉඩ රඳවා ගෙන ඒ ඉඩට වටිනාකමක් ඇති වන ක්‍රිකට් දක්ෂතා පෝෂණය කර ගන්නට ඇති ඉඩ පුළුල් කර ගනිමින් ද ඇත.ඒ නිසා ඇෆ්ගන් හී ජාතික දේශපාලනය හැටියට පවතින මුග්ධ මූලධර්මවාදී රාජ්‍යයට එරෙහිව ඇෆ්ගන් ක්‍රිකට් කරන්නේ ප්‍රතිවිරුද්ධ වීමේ ඉඩට සහ හඬට ජාත්‍යන්තර ප්‍රචාරන ව්‍යාපෘතියක් සැකසීමය.එය දේශපාලනික වශයෙන් උපක්‍රමික වන තරමටම පාලකයාට අත නොතිබිය හැකි තරමේ රහකින් පවත්වා ගෙන යාමටත් ඒ ක්‍රීඩකයෝ සමත්කම් පාති.

බංගලාදේශය ඉදිරියේ අප දුටුවේ ඔවුන්ගේ තියෙන සටන්කාමී වෘත්තිමය හැඩයය.බංගලාදේශය ලබා ගත් ලකුනු 128 න් ඔවුන් ලකුණු 66 ක් ලබා ගනිද්දී,ඉලක්කය සපුරා ගැනීමට ඔවුන්ට තවත් ඉතිරිව තිබුණේ පන්දු ඕවර් හතකි.කඩුලු 3 ක් අහිමිව තිබුණි.ඒ වෙන විට 20 හැවිරිදි ඉබ්‍රාහිම් ෂඩ්රාන් කඩුල්ලේ සුරක්ෂිත බව තහවුරු කර ගෙන තිබුණි.ඔහුට එක්ව සිටියේ ඊට වඩා අත්දැකීම් ඇති ෂඩ්රාන් කෙනෙකි.ඔහු 29 හැවිරිදි නජිබුල්ලා ෂඩ්රාන් ය.දෙදෙනාම ෂඩ්රාන් වුවාට දෙදෙනා ගම් පළාතේ සිට වෙනස්ය.ඉබ්‍රාහිම් කොස්ට්හි ය. 29 හැවිරිදි නජිබුල්ලා උපත ලැබුවේ ලෝගාර්හි ය.ඉබ්‍රාහීම් ගේ නජිබුල්ලා නෑයෙක් නොවුණ ද,තරගයේ වීරයා වූ, ලකුණු 16 ට කඩුලු තුනක් ලබමින් සුපිරි පන්දු යැවිමක නිරත වූ මුජීබ් අර් රහ්මාන් මස්සිනාය.

ඒ නිසා නෑයෝ නොවන ෂඩ්රාන්වරුන්ට පන්දු 42 ක් තුළ එල්ල වූ ලකුණු 62 ක අභියෝගය පහසු වූයේ නැත.ඒ වන විට බංගලාදේශයේ හැම පන්දු යවන්නෙක්ම යම් ආකාරයක පීඩනයකින් ඇෆ්ගන් පිතිකරුවන් බැඳ තබා තිබූ අතර ඒ පීඩනයෙන් පිටතට ඒමට දැවන්ත පහරවල් කිහිපයක අවශ්‍යයතාවය දැණුනි.ඒ වගකීමබලාපොරොත්තු මට්ටමටත් හොදින් ඉටු කරන්නට අත්දැකීම් සහිත නජබුල්ලා නිර්භයව ඉදිරිපත් විය.ඒ වන විට ජයග්‍රහණය ගැන විශාල විශ්වාසයකින් සිටි බංගලාදේශ විශේෂඥ පන්දු යවන්නා වන නායක සකීබ් අල් හසන් පන්දු ඕවර් 4 ම නිමා කර ලකුණු 13 ක් දි එක කඩුල්ලක් දවාගෙන මහත් ප්‍රමෝදයකින් සිටි අතර ඒ ප්‍රමෝදය සහ විශ්වාසය කණ්ඩායම තුළින් ද ප්‍රදර්ශනය විය.එයට තලේබාන් ප්‍රහාරයක් එල්ල කළ අයුරෙන්ම ප්‍රහාරයක් එල්ල කළ නජිබුල්ලා පන්දු 17 දි හයේ පමර හයක් සහ එක් හතරේ පහරක් සමඟ ලකුණු 43 ක් නොදැවී ලබා ගත් අතර ඉන් ලකුණු 40 ක් ම තිබුණේ හතරේ සහ හයේ පහරවලින් එක් වූ ලකුණු හැටියටය.

ඔහුට කදිම සහයක් දුන් ඉබ්‍රාහීම් පන්දු 41 දි ලකුණු 42 ක් ලබා ගෙන සිටියේ ය.පන්දු 42 දි 62 ක් වූ විශාල අභියෝගය ෂඩ්රාන්වරුන් විසින් කෙතරම් හීනි කළේ ද කිවහොත් තවත් පන්දු නවයක් ඉතිරිව තිබියදී ලකුණු පූවරුව කඩුලු 3 ට ලකුණු 131 බවට පත් කළේය.මෙහිදී ඇෆ්ගන් ආක්‍රමණය එක්වරම බංගලාදේශයට එරෙහිව මතු වූ ආකාරය ගැන කදිම චිත්‍රයක් මවා ගන්නට ඔවුන් ලකුණු 50 පන්දු ඕවර් 10.5 දී පිවිසීම සහ ලකුණු 100 ට පන්දු ඕවර් 16.4 දි පිවිසීම දැක් විය හැකිය.එම දෙවන ලකුණු 50 ට ඔවුන් වැය කරන්නේ පන්දු 25 කි.එහිදී ඔවුන් 13 වන ඕවරයේ සිට පන්දු 22 දී ලකුණු 34 ක් එක් කරන අතර අවසාන ලකුණු 31 එකතු වන්නේ පන්දු 11 දී ය.
ක්‍රමයෙන් පීඩනය වැඩි කර අවසානයේ අතිශයින් දුර්මුඛ කර උස්සා පොළවේ ගැසීමක් බඳු වූ ඇෆ්ගන් ප්‍රහාරය ඊට පෙර ශ්‍රී ලංකාවට එල්ල කරන ලද අනුකම්පා විරහිත ප්‍රහාරයට වඩා වෘත්තීමය ක්‍රිකට් හි ප්‍රකාශනයකි.ඒ නිසා මේ තරගාවලියට ක්‍රීඩා කරන සියලු කණ්ඩායම් වඩාත් සැළකිල්ලට ගත යුතු ජයග්‍රහණය වන්නේ බංගලාදේශයට එරෙහිව ලැබූ ජය ය.එය සියලු කණ්ඩායම් මත පීඩනය ගොඩ නඟන අන්දමේ ප්‍රහාරයක් සහ ජයග්‍රහණයක්ය.

ඊයේ ඇෆ්ගන් ජයග්‍රහණය අපේක්ෂාවෙන් භිතියට සහ පීඩනයට පත්ව සිටින ඇෆ්ගන් ජනතාවට වඩා වැඩි පිරිසක් ලාංකිකයන් රූපවාහිනී යන්ත්‍රවලින් බලා සිටියාට සැක නැත.ඒ බංගලාදේශයට එරෙහි ඇෆ්ගන් ජයග්‍රහණය තරම් පහසු දෙයක්, දෙවන වටය ගැන බලාපොරොත්තු තබා ගන්නට ශ්‍රී ලංකාවට නොතිබුණු බැවින්ය.නමුත් ඒ ජයග්‍රහණයේ භූක්තිය සිය ජයග්‍රහණයේ අයිතියක් කර ගන්නනම් ශ්‍රී ලංකාවට බංගලාදේශය පරාජය කළ යුතුය.ඒ සඳහා ඇෆ්ගන් පරාජයේ අවමානයෙන් ගැලවෙන්නට උත්සාහ කරන දෙපිළටම එල්ල වී ඇති පීඩාවක්ය.එම ීඩාව වඩාත් සංයමයෙන් කළමණාකරනය කරන කණ්ඩායම මේ තරගාවලියේ දෙවන වටයේ රැඳි සිටින්නට භාග්‍යය ලබනවා ඇත.


RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan