අදත් තද වැසි – කාලගුණ අනාවැකිය

Date:

අද (01) දිනයේදීත් ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලීය කැළඹීලි සහගත තත්ත්වයක් පවතින බැවින් දිවයිනේ අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

උතුරු පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද (01) දින දහවල් 12:10 ට කල්පිටිය, දුනුපොතගම (අනුරාධපුර දිස්ත්‍රික්කය), උට්ටිමඩුව, නිකවැව (පොලොන්නරුව දිස්ත්‍රික්කය), වෙල්ලායි (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය) සහ වෙරුගල් (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය) යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සතිඅන්තයේ දී සන්ස්ක්‍රීන් අමතක නොකරන්න! සූප ශාස්ත්‍රයෙන් නමගිය Gordon Ramsay ගෙන් පණිවුඩයක්!

සටහන – පුලී සැප්තැම්බර් 01, කොළඹ (LNW): නමගිය සූප සාත්තරයෙන්...

Celebrity Buzz: ඉන්දීය වෙඩිමකට කඩා පැන, මනාලිය පුදුමයට පත් කළ බීබර්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

හික්කඩුවේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට

හික්කඩුව, මලවැන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...