සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ පවතින උග්‍ර මානුෂීය අර්බුදය සහ ඉරානයට එරෙහිව ජාත්‍යන්තර නීති උල්ලංඝනය වීම් සැලකිල්ලට ගනිමින්, ඊශ්‍රායලය සමඟ පවතින වෙළඳ සබඳතා අර්ධ වශයෙන් අත්හිටුවීමට යුරෝපා සංගමයේ රටවල් 27න් 26ක් ම ජන්දය භාවිතා කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, යුරෝපා සංගම්-ඊශ්‍රායල සංගම් ගිවිසුම (EU–Israel Association Agreement) සමාලෝචනය කරන ලෙස යුරෝපා සංගමයේ සාමාජික රටවල් කිහිපයක් මේ වන විට ඉල්ලා ඇති අතර විශේෂයෙන්ම ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය (ICC) සහ ජාත්‍යන්තර අධිකරණය (ICJ) මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායලය බැඳී සිටින බව අවධාරණය කරන ස්වීඩනය හා ස්පාඤ්ඤය එම නියෝග කඩ කරන්නේ නම් ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඊශ්‍රායලය මත පනවන පීඩනය තවදුරටත් දැඩි කළ යුතු බව පෙන්වා දී ඇත.
කෙසේ වෙතත්, මෙම ගිවිසුම අත්හිටුවීම සම්බන්ධයෙන් මෙතෙක් නිල අවසන් තීරණයක් ගෙන නොමැති අතර කිසිදු නිල ක්‍රියාමාර්ගයක්ද ක්‍රියාත්මක කර නොමැත.

