ඊශ්‍රායලය සමඟ ඇති වෙළඳ ගිවිසුම් අර්ධ වශයෙන් අත්හිටුවීමට යුරෝපා සංගමේ රටවල් වැඩි ජන්දයෙන් අනුමත කරයි.

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ගාසා තීරයේ පවතින උග්‍ර මානුෂීය අර්බුදය සහ ඉරානයට එරෙහිව ජාත්‍යන්තර නීති උල්ලංඝනය වීම් සැලකිල්ලට ගනිමින්, ඊශ්‍රායලය සමඟ පවතින වෙළඳ සබඳතා අර්ධ වශයෙන් අත්හිටුවීමට යුරෝපා සංගමයේ රටවල් 27න් 26ක් ම ජන්දය භාවිතා කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, යුරෝපා සංගම්-ඊශ්‍රායල සංගම් ගිවිසුම (EU–Israel Association Agreement) සමාලෝචනය කරන ලෙස යුරෝපා සංගමයේ සාමාජික රටවල් කිහිපයක් මේ වන විට ඉල්ලා ඇති අතර විශේෂයෙන්ම ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය (ICC) සහ ජාත්‍යන්තර අධිකරණය (ICJ) මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායලය බැඳී සිටින බව අවධාරණය කරන ස්වීඩනය හා ස්පාඤ්ඤය එම නියෝග කඩ කරන්නේ නම් ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඊශ්‍රායලය මත පනවන පීඩනය තවදුරටත් දැඩි කළ යුතු බව පෙන්වා දී ඇත.

කෙසේ වෙතත්, මෙම ගිවිසුම අත්හිටුවීම සම්බන්ධයෙන් මෙතෙක් නිල අවසන් තීරණයක් ගෙන නොමැති අතර කිසිදු නිල ක්‍රියාමාර්ගයක්ද ක්‍රියාත්මක කර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...