චීන පොහොර නැවට ගෙවූ මුදල් නැවත අයකර ගන්න බැරිවෙයි – මහින්ද අමරවීර

චීන පොහොර නෞකාව සඳහා ගෙවූ ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදල නැවත අයකර ගැනීම සඳහා කළ උත්සාහය අසාර්ථක වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී ඇමතිවරයා වෙත යොමුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

අදාල මුදල් නැවත අයකර ගැනීම පිළිබඳව ගතහැකි නීතිමය පියවර පිළිබඳව සොයා බලමින් සිටින බවත් ඊට අදාලව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන තිබෙන බවත් අමරවීර මහතා ප්‍රකාශ කරනවා.

මතුව ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...

කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට!

කොළඹ LNW:අරුණ විදානගමගේ හෙවත් ‘මීගස් ආරේ කජ්ජා’ සහ ඔහුගේ...