ජෙයරාජ් ඝාතනයේ සැකකරුවන් නිදොස් කොට නිදහස් !

Date:

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගර ගත කර සිටි සැකකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද නියෝග කළේය.

මෙසේ නිදොස් කොට නිදහස් කර තිබෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන සෙල්වරාජා කිරුබාකරන් සහ ගම්පහ හිටපු සහකාර පොලිස් අධිකාරී සෙනරත් ලක්ෂ්මන් කුරේ යන සැකකරුවන් දෙදෙනායි.

2008 වසරේ අප්‍රේල් 06 වැනිදා උදෑසන වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය අසලදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු පුද්ගලයන් 16 දෙනෙකු මියගිය අතර තවත් පුද්ගලයන් 84 දෙනෙකු තුවාල ලැබීය.

පුද්ගලයන් 16 දෙනෙකු ඝාතනය කිරීම, 84 දෙනෙකු ඝාතනයට තැත් කිරීම, ඝාතන කුමන්ත්‍රණ කිරීම ඇතුළු චෝදනා 31 ක් යටතේ නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපැදි පරමාදර්ශය පොගාකර්ට ප්‍රංශ සවාරියේ සිව්වැනි ජයත්

නිශ්මං රණසිංහ ජූලි 28, කොළඹ LNW: ස්ලෝවේනියාවේ දී 1998, උපත...

අර්බූදවලින් හම්බ කළ හැකි සාමය සහ විශ්වාසය

නිශ්මං රණසිංහ ජූලි 28, කොළඹ LNW: ආසියානු ක්‍රිකට් සූරතාවලිය සැප්තැම්බර්...

එක වගේ මූණු හුරුවන් සොයා බොලිවුඩයට!

සටහන – පුලී ජූලි 28, කොළඹ (LNW):  ඉන්න, මම මේ...

එක්සත් ජනපද තීරු බදු සන්තෑසියෙන් තේ, රබර් කර්මාන්තයට අත්වන ඉරණම!

සටහන – පුලී ජූලි 28, කොළඹ (LNW):  අගෝස්තු 1 වනදා...