බලශක්ති අමාත්‍ය ධුරයත් වරාය ඇමති අනුරට

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා පත් කරනු ලැබ තිබේ.

ඒ අනුව අනුර කරුණාතිලක මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්‍යධුරයේ දිවුරුම් දී ඇත.

බලශක්ති අමාත්‍යධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද සහභාගි විය.

අනුර කරුණාතිලක මහතා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු දේශපාලනයට අවතීර්ණ වීමට පෙර කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් කටයුතු කළ අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...