සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බලය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ චෝදනා රැසකින් පසු කම්කරු ලේකම් ලෝරි චාවේස්-ඩිරෙමර් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වී තිබේ.
ඇයට එරෙහිව එල්ල වූ චෝදනා අතර ඇයගේ යටත් නිලධාරීන් බලහත්කාරයෙන් ඉවත් කිරීම, නිලධාරියෙකු සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වීම සහ රැකියාවේදී මත්පැන් පානය කිරීම ඇතුළු චෝදනාවන් ඇතුලත් වේ.
චාවේස්-ඩිරාමර්ගේ සැමියා සහ පියා තරුණ කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ කෙටි පණිවිඩ හුවමාරු කර ගෙන තිබු අතර ඇගේ හිටපු නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා විසින් සමහර කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ඇගේ පවුල කෙරෙහි අවධානය යොමු කරන ලෙස උපදෙස් දී තිබේ.
මෙම කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුවෙමින් පවතින අතර ඇයගේ ඉවත්වීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය හරහා සඳහන් කර නොමැත. ඒ පිළිබඳව ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ ස්ටීවන් චියුන්ග් විසින් සිය X සමාජ මාධ්‍ය හරහා සඳහන් කර තිබුණේ, “කම්කරු ලේකම් ලෝරි චාවේස්-ඩිරෙමර් පරිපාලනයෙන් ඉවත් වී පෞද්ගලික අංශයේ තනතුරක් ලබා ගැනීමට නියමිතයි,” යනුවෙණි.

