*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

පාපන්දු සම්මේලනය ලක්ෂ 5000 කින් ගහපු ෆුට්බෝල් ගැන හොයන්න

වර්ථමාන පාපන්දු සම්මේලනය සිය පාලන කාලය තුල වියදම් කර ඇති මුදල ලක්ෂ 5000 ක් බවත්,නමුත් පාපන්දුවේ සංවර්ධනයට කියා ක්‍රීඩා සමාජයකට පාපන්දුවක්වත් ලබා දි නොමැති බවත් පාපන්දු සම්මේලනයේ උප සභාපති රංජිත් රොද්‍රිගෝ පවසනවා.ඔහු සිය සභාපතිවරයාගේ පරිපාලනයට එරෙහිව මේආකාරයට ප්‍රසිද්ධියේ චෝදනාව කරන්නේ කාලයක් පුරා එම ඒකාධිපතීත්වයට විරුද්ධව සටන් කිරීමෙන් පසුව බව කොළඹ නිපොන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවේදි අනාවරණය කළේය.මෙම සටහනේ අරමුණ එම කරුණු ගැන මෙන්ම මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යංශයට එහි විශේෂ පොලිස් විමර්ශණ ඒකකය ඉදිරිපත් කර තිබෙන වාර්තාවට අනුව කටයුතු කිරීම පමා වීමත් විමසා බැලීමය.

රංජිත් රොද්‍රගෝ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයෙක්.ඒ වගේම මේ මොහොතට පෙරත් උප සභාපති තනතුර දරපු කෙනෙක්.තවත් පාපන්දු පරිපාලනයේ විවිධ තනතුරු අත්දැකීම් සහිත කෙනෙක්.ඔහු පවසන වචනවලින් පැහැදිළි වන්නේ රටට අත් වූ ඉරණම මේ මොහොතේදී පාපන්දුවටත් අත්ව තිබෙන බවයි.
“ඔහුට පාපන්දු ලීගයක් තබා ක්‍රීඩා සමාජයක්වත් කරලා අත්දැකීම් නැහැ” රංජිත් රොද්‍රිගෝ වැනි අය එක මොහොතක අත්දැකීම් නැති ප්‍රායෝගිකව නොදන්නා මනුස්සෙක්ට රැවටෙන්නෙ මේ රටේ මිනිස්සු රැවටුණ විදිහටමයි.ඊට පස්සෙ ඉහත ප්‍රකාශය කරන කොට පෙරහැරෙ නැටුම් බොහොමයක් නටලා,බෙරත් පළලා ඉවරයි.
උදාහරණයකට මේ සමඟ පහතින් දකිවා තිබෙන වියදම් බැලුවම තේරෙයි.සිව් කොන් පාපන්දු තරගාවලියට කෑම වියදම ලක්ෂ තුන්සියයක් ඉක්මවා ගිහිං ඒක වෙන්න පුළුවන්ද බැරිද කියන එකේ කතා බොහොමයක් ඇති.ඒත් මොන තර්ක කරත් මේ වියදම් ක්‍රීඩාව සම්බන්ධයෙන්,එහෙම නැත්නම් ක්‍රීඩකයාට සෘජුව බලපාන වියදම් කොපමණද කියලා බැලුවම මේ තරගාවලියේ අඩුම මිනිස්සු කොහොම කෑමක් කාලා තියෙනවද කියලා හිතාගන්න අමාරු නැහැ.

ඒ වගෙම මේ වියදම් කරපු බොහෝ දේවල් දේශපාලන සම්බන්ධතා සහිතව ඔවුන්ගේ හිතවතුන්ට ලබා දීලා ඔහු තම නිල කාලය වැඩි කරගන්න මහන්සි වුණා කියන එකත් බරපතල චෝදනාවක්.මේ කියන චෝදනාවටම එක තීරුවකට අලවන්න පුළුවන් තව කතාවක් රංජිත් රොද්‍රිගෝ කියනවා.ඒ තමයි ජාත්‍යන්තර සංගමයෙන් පවා ව්‍ය ස්ථාව වෙනස් කරගන්න හැටියට දැණුම් දී තිබියදී මාස 10 ක් ම ඒ කාර්යය සපුරා අමතක කර හැසිරීමට හේතුව දේශපාලන ආශිර්වාදය ඇතිව සිය කාලය දීර්ඝ කරනු ඇතැයි වත්මන් සභාපති ජස්වර් විශ්වාස කළ බවය.
“ඒ ගැන කලබළ වුණේ දේශපාලන නායකත්වය වෙනස් වීම නිසා”
එවිට වෙනස් වූ දේශපාලනයම මේ ආකාරයට පාපන්දුවේ අධික වියදම් පිටුපස ද ඒ වියදම් පෞද්ගලිකව තමන්ගේ හෝ තමන්ගේ ඥාතියෙකුගේ හෝ මිත්‍රයෙකුගේ ආශිර්වාදය කරගෙන සිටියා ද?
“කොහොමද ඒක හරියට කාගෙද කියලා කියන්නෙ? මේ හැමදේම පෞද්ගලිකව ඔහු කරපු වියදම්.සම්මේලනයේ අනුමැතිය නැතුව කරපු වියදම්.”

මේ තත්ත්වය බරපතල තත්ත්වයකි.ජගත් ශ්‍රේණිගත කිරීම්වල 207 වන තැන සිටින ශ්‍රී ලංකාව ඉතිහාසයේ පහළම තැන තිබියදී සහ ඊට කැඳවා යන පාලන ව්‍යහුයක් ඇතුළත ලක්ෂ 5000 ක මුදල්ක් වියදම් කර තිබෙන්නේ කා වෙනුවෙන්ද?කුමක් සඳහා ද යන්න පාපන්දු පරිපාලනයෙන් පිටත වෙනම විභාගයට ගත යුතු කාරණයක්ය.රටේ දුප්පත්ම ජනතාව අතර තිබෙන ක්‍රීඩාවක් හැටියට සැළකෙන පාපන්දු ක්‍රීඩාව රට තුළ ගොඩ නංවන්නට සහ පහළ පංතියේ පවුල්වල දරුවන්ගේ ශාරිරික යෝග්‍යතාවය සහ මානසික යෝග්‍යතාවය සඳහා යෙදවිය හැකි සුබසාධන ක්‍රියාවලියක් ලෙස ද වැදගත් පාපන්දුවට මුදල් ගලා ඒම අවභාවිතා කර ඇත්නම් මේ රටේ අහිංසක දුප්පත් පවුල්වල ධනයක් සොරා කෑමකි.ඉන්දියාවේ හිඟන පුද්ගලයෙකුගෙන් මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් ලැජ්ජාවට පත්විය යුතු තැනෙකට මේ රටේ පුරවැසියා ඇඳ වැටි ඇති අතර ඒ ආකාරයෙන් බලන විට හිඟන්නාගේ මුදලද මංකොල්ල කන තත්ත්වයට පාපන්දු දේපළ හොරාකෑමට හිරිකිත තත්ත්වයට පත් වූ අය ද සිටින බව විමර්ශනය කළ යුතුය.
එසේම ක්‍රීඩාවේ දියුණුවක් නැති වුව ද,පාපන්දු පරිපාලනයට අලුත් බඳවා ගැනීම් සිඳු වී ඇති බව පවසන රංජිත් රොද්‍රිගෝ හිතුමතේට වත්මන් සභාපතිට හිතවත් නොවන පාපන්දු ලීග තහනමට චෝදනා ඉදිරිපත් කරන්නට ඉදිරිපත් වූ අයෙක්ටද එසේ තනතුරු පිරිනමා ඇති බව පැවසීය.මේ වන විට වෙනත් සභාපතිවරුන්ගේ කාලයේ පාපන්දු තනතුරුවලට කැඳවා ගත් නායකත්වය දැරූ පිරිස් ද මේ විනාශකාරී ක්‍රියාවලිය ආරක්ෂා කිරීම සඳහා මේ පුද්ගලයාගෙන් වරප්‍රසාද ලබමින් සිටින බවට ද වත්මන් උඵ සභාපතිවරයා චෝදනා කරන්නේය.
තමන් හිරු රූපවාහිණියට කියන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින කටයුත්තක් විවේචනය කරන බවට දැණුම් දී ඇති බව පැවසූ රජිත් රොද්‍රිගෝ පෙන්වා දෙන්නේ නමුත් ඒ සියල්ල පැවතුණේ 2022 මැයි මස සිට ජූනි මස දක්වා වූ කාලයට අදාළව බවත්,අගෝස්තු 31 වන දා නිල කාලය පාපන්දු සම්මේලනයේ අවසන් බවත් එය ක්‍රීඩා අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව අතට ගෙන ඡන්දය පැවත්විය යුතු බවත් පෙන්වා දුන්නේය.

“අප සමහර දේවල් ජාතික ක්‍රීඩා සභාවට පෙන්වා දුන්නා.ඔවුන් ඒවා පිළිගත්තා.ඊට අවශ්‍යය දේ කරන බවට පැවසුවත් අද වන විට තව දින 10 න් පාලනය දිගු කර බවට වට්ස්ඇප් සමූහයක් හරහා පණිවිඩ ලැබෙනවා.ඒත් කිසිඳු ලියවිල්ලක් නැහැ”
රංජිත් රොද්‍රිගෝ පවසන ආකාරයට ජාත්‍යන්තර සම්මේලනය පවා නොසළකා පාලනය දික් කර ගැනීමට උදව් කරන බවට ජස්වර් සභාපතිවරයා විශ්වාස කළ බව කී දේශපාලන අත්පෙවීම නිසා මේ දේ සිඳු වන්නේද යන්න අපැහැදිළිය.නමුත් ඒ ආකාරයට වැරදි කරන අයෙක් මේ තරම් නිරුපද්‍රිතව සිටින්නේ කෙසේද යන්න ක්‍රීා අමාත්‍යංශය හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කමිටුවේ පොලිස් අධිකාරි ජේ.එච්.ෆොන්සේකා කර ඇති නිර්දේශ ද නොතකා හැරීමෙන් පැහැදිළිය.එහි යූ.එල් ජස්වර් හඳුන්වන්නේ ක්‍රීඩා පරිපාලනයක තනතුරක් දැරිමට නුසුදුසු අයෙක් හැටියටය.එහෙක් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා,ලේකම්වරයා හෝ පෙරත් හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පමණක් නොව වත්මන් ජාතික ක්‍රීඩා සභාවද ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවක් දකින්නට නැත.මේ සම්පූර්ණ පිටු තුනකින් යුත් ලිපිය මේ සටහනේ අග ඇති අතර එයින් ආමන්ත්‍රණය කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ය.

ක්‍රීඩාව සම්බන්ධයෙන් ඊට අදාළ පරිපාලන ක්‍රියාවන් මෙන්ම අනුශාංගික කාරණ සියල්ල සම්බන්ධයෙන් වන මැදිහත්වීමක නියැලෙන LNW විශ්වාස කරන්නේ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය වන තුරු ක්‍රීඩාවේ ජයග්‍රහණ සුලබ කාරණා නොවන බවය.අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදි ඉතා වැදගත්ය.ඔහු වෛද්‍යවරයෙක් වීම නිසා ක්‍රීඩාව ශරීරයට අවශ්‍යය බව සහ ප්‍රජාවගේ සෞඛ්‍යමය පැවත්මට අවශ්‍යය ද යන්නත් තේරුම් ගැනිම අපහසු නැත.සම්ප්‍රදායික ක්‍රීඩා වන අංගම්පොර වැනි ක්‍රීඩා වුව පැවතෙන්නේ යම් කිසි විදිහක තෙල් සම්බාහන වැනි කාරණාද සහිතව හෙළ ආයුර්වේද ක්‍රම සමඟ බද්ධව බව ද ඒ ඉතිහාසයේ සිට ඉන්දියාවේ නිරාජ් චොප්රා ඔලිම්පික් රන් පදක්කම කරා ගෙන යන්නට බටහිර වෛද්‍ය විද්‍යාව සහ තාක්ෂණය කළ මැදිහත් වීම දක්වා ද ඔහුට ඓතිහාසික හැදෑරීමක් වෘත්තීමය පසුබිමෙන් පැමිණ ඇති බව අපි විශ්වාස කරමු.
මේ සිඳුවීම ද රාජ්‍ය නිලධාරියෙක් සේ ඉතිහාසයක් සහ පළපුරුද්දක්ද ඇති ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා උඵයාගෙන ඇති කීර්තිය අලෙවි කිරීමෙන් සංතෘප්තියට පත්වන වෛද්‍යවරයෙක් වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.ඒ නිසා ඉදරි දිනවලදී පාපන්දුවේ පෙරැලීම අපි හොඳින් විමසංනාක්ෂියට ලක් කරන්නෙමු.රටේ අහිංසකම දුප්පත්ම ජන කොටස පෙන්නා කවුරුන් හෝ මිලියන ගණනින්,බිලියන ගණනින් උපයන්නට සූදානම් වන්නේනම් ඊට එරෙහිවීමට ක්‍රීඩා අමාත්‍යංශය එකඳු මහත්මයෙක්වත්,නෝනා කෙනෙක්වත් නැති තරමේ අකම්පිත හදවත් සහිත කාන්තාරයක් නොවන බව අපි විශ්වාස කරමු.අඩුම තරමේ අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ වාර්තාවට අනුව කටයුතු කරන්නට හෝ සදාචාර සම්පන්න වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

මෙම මාධ්‍ය හමුව වත්මන් උප සභාපතිවරයා වන රංජිත් රොද්‍රිගෝ සහ හිටපු සභාපතිවරයෙක් වූ අනුර ද සිල්වා එක්ව පවත්වන්නට යෙදුණ අතර මාධ්‍ය හමුවට පදනම් වූ චෝදනා දොළහක් මෙන්ම රංජිත් රොද්‍රිගෝ ඉකුත් පෙබරවාරි මස සිට මේ දක්වා ඉදිරිපත් කර තිබෙන චෝදනා 66 ක් සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් කළේය.ඒ සියල්ල යම් මතවාදීමය හෝ කල්ලිවාදීමය වැඩ කටයුත්තක් සේ සළකා එළියට දැමීමට හැකි වුව ද,ක්‍රීඩා අමාත්‍යංශයේ විමර්ශන වාර්තාව සහ නිර්දේශය ක්‍රියාත්මක කිරීමෙන් අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව තමන් වැටි සිටින අසූචි වලෙන් ගොඩ පැමිණිය යුතුය පෞද්ගලික ජීවිතයේ අඩුම තරමේ තමන්ගේ දරු පවුලට සහ නැ හිත මිතුරන්ට මුහුණ දි මට්ටමට නිතිගරුක සදාචාර මිනිසුන් සේ සිටීම තමන්ට ලැබුණු අධ්‍යාපනයෙන් අවබෝධ කර ගත නොහැකි තරමට එහි ඉහළ පුටුවල මිනිසුන් මුග්ධයන් නොවනු ඇතැයි ද අපි විශ්වස කරන්නෙමු.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan