ලංකාවේ තියා ලොවෙත් නැති හැකර් ගැහිල්ලක්? හිටපු ඇමති රාජිතගෙන් සාධාරණ ප්‍රශ්න කිරීමක්! (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ජාත්‍යන්තරව ගෙවන ණයක් හැක් කර එම මුදල් අත්පත්කරගැනීමක් මින් පෙර ලංකා ඉතිහාසයේ නොව ලෝක ඉතිහාසයේවත් සිදුව නැති අතර එය හැකර් ප්‍රහාරයක් විය නොහැකි බවත් සිදුව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවත් හිටපු අමාත්‍යවරයෙක් වන රාජිත සේනාරත්න මහතා පවසයි.

රජයක මුදල් තවත් රටකට යැවීමේදී එය හැකර්ලා අතට යෑම සිත ගත නොහැකි සංසිද්ධියක් බවයි හිටපු අමත්‍යවරයා සඳහන් කරන්නේ.

”හැකර්ලා කියන්නේ අමුතු මිනිස්සු නෙවෙයි. හැකර්ලා තවත් බැංකුවක තමයි මේ මුදල් තැන්පත් කරන්නේ. මෙවැනි විශාල මුදලක් මෙහෙම යනකොට බැංකුවලින් පරීක්ෂා කරනවා කොහෙන්ද මේ මුදල් ආවේ, නීත්‍යානුකූල මුදල්ද කියල බලනවා. මොකද හැක්ර්ලට හොර බැංකු නැහැ මේවා තැන්පත් කරන්න. මුදල් කොහේ හරි බැංකු ගිණුමකට තමයි යවා ගන්න ඕනේ. හැක්ර්ලට මේ සල්ලි අතට ගන්න බැහැ. මේ රටේ කෙනෙක් බැංකුවකට ගිහින් ලක්ෂ 5ක් තැන්පත් කරද්දීත් අහනවා කොහොමද මේ ලක්ෂ 5 හම්බුණේ කියල. ඒක තමයි ලෝක නීතිය. ලෝක නීතියට යටත්ව තමයි ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙත්. ලංකා ඉතිහාසයේ නෙවෙයි ලෝක ඉතිහාසයේවත් රජයක භාණ්ඩාගාරයක මුදල් තවත් රටකට යවනකොට ඒක අස්ථානගතවීමේ ක්‍රියාවලියක් මම නම් ජිවීතේට අහල නැහැ.”

ඒ අනුව සිදුව ඇත්තේ දැවැන්ත මූල්‍ය වංචාවක් වන හෙයින් මේ ගැන වහාම පරීක්ෂා කළ යුතු බවයි හිටපු අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

සිදුවිය හැක්කේ ණය ගෙවන බව පවසා නිලධාරියෙක් වෙනත් ගිණුමකට මුදල් යැවීමක් මිස මෙවැනි තත්ත්වයකදී හැකර්කෙනෙක් එය සිදුකිරීම අභව්‍ය දෙයක් බව හෙතෙම පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : සෞදි අරාබියේ බටහිර...

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...