හර්ෂණ සූරියප්පෙරුම වහාම අත්අඩංගුවට ගත යුතුයි. ඔහු තමයි මේ සිද්ධියේ මුල් සැකකරු – Free Lawyers

සටහන – රුවන් නෙළුගොල්ල

මහාභාණ්ඩාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව මුලින්ම මුදල් අමාත්‍යාංශ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් වන හර්ෂණ සූරියප්පෙරුම මහතාව වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළයුතු බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුත්තේ ඉන්පසුව බවත් ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

“අපිට මේගොල්ලොන්ව අත් අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැනෙ. අපිට නීතිය කොතනද වැරදිලා තියෙන්නෙ කියලා පෙන්වන්න පුළුවන්. නමුත් මේකෙ සීඅයිඩී එකට, පොලීසියට, ආණ්ඩුවට, පාර්ලිමේන්තුවට, කථානායකට බලතල තියෙනවා විමසීමක් කරන්න. ඒගොල්ලො මේවා කරන්නෙ නැහැ. මොකද කරන්න වුණෝතින් එහෙම මේ කැබිනට් එකේ ඉන්න විශාල ප්‍රමාණයක් ඇතුළට දාන්න සිද්ධ වෙනවා. ඔන්න ඔතන තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ. අපි කියමුකෝ මේක විපක්ෂයේ කවුරුහරි කරලා තිබුණා කියලා, එහෙම නම් විපක්ෂයේ ඉන්න අයගේ බලු පැටියාත් අරගෙන ගිහිල්ලා රිමාන්ඩ් එකේ දානවා. ඒකයි කරන්නේ. මේ ආණ්ඩුව ජනතාවට කිව්වාට අපි සර්ව සාධාරණව මේ වැඩකටයුතු කරගෙන යනවා කියලා, එහෙම දෙයක් නෑ. මේගොල්ලො පට්ටපල් හොරු”

ප්‍රශ්නෙය – දැන් මේ සල්ලි ආපහු ගන්න පුළුවන් කියලා ආණ්ඩුවේ අය කියන්නෙ ?

“කොහෙද ගන්නෙ ? ඒගොල්ලො හිතාන ඉන්නෙ හැකර් ඉන්නෙ ලංකාවෙ කියලා. හැකර් ලංකාවෙ නෙවෙයිනෙ ඉන්නෙ. හැකර් ඉන්නෙ කොහෙ හරි පිටරටක. සල්ලි ටික ගත්තාට පස්සෙ හැකර් සම්පූර්ණයෙන්ම යටයනවා. ආයෙ ගන්න හම්බවෙන්නෙ නෑ. මම ඒක තමයි කියන්නෙ මේ සිද්ධියට ඔය හර්ෂණ සූරියප්පෙරුම කියන මනුස්සයාව වහාම අත් අඩංගුවට අරගෙන ඉදිරිපත් කරන්න ඕනෙ. ඒකෙන් පස්සෙ තමයි මේ විමර්ශනය කරන්න ඕනෙ. එයා තමයි මේකෙ මුල් සැකකරු වෙන්න ඕනෙ. නැත්නම් දැන් බලන්නෙ කවුරුහරි පොඩි මිනිහෙක් අරගෙන මිනිහාව ඇතුළට දායි, එච්චරයි කරන්නෙ. භාණ්ඩාගාරෙ ලේකම්තුමා නොදැනුවත්ව ඩොලර් මිලියන 2.5ක් ගෙනියන්න පුළුවන්ද ?”

මෛත්‍රී ගුණරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (24) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...

තුන්කොන් සටනේ අවසන් මහා තරගය: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අද තරඟ බිමට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉංගලන්තය, පාකිස්තානය සහ...