හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රශ්නගත ලන්ඩන් සංචාරයට අදාළව වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් එවකට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන මහත්මියට යොමුකළ ආරාධනා පත්‍රයේ පිටපතක් එම විශ්වවිද්‍යාලය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ නිකුත් කර තිබේ.
අභිනව නිවහල් පෙරමුණේ නායක ඕෂල හේරත් මහතා විසින් යොමුකරන ලද තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් එම විශ්වවිද්‍යාලය අදාළ ආරාධනා පත්‍රයෙහි පිටපතක් මෙසේ ලබාදී ඇත.



