එක්සත් රාජධානියේ වසංගත මරණ ගණන 150,000 පනිද්දී, ‘ඩෙල්ටාක්‍රෝන්’ නමින් තවත් ප්‍රභේදයක් මතු වෙයි!

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙයට ඔමික්‍රෝන් සහ ඩෙල්ටා යන ‌කෝවිඩ් ප්‍රභේද දෙකම එකිනෙකට සම්බන්ධ කළ හැකි වීමයි.

මේ අනුව ඩෙල්ටාක්‍රෝන්- deltacron යන නාමය මෙයට ලබා දී ඇත.

මෙම සොයාගැනීම සිදුකර ඇත්තේ සයිප්‍රස් සරසවියේ පර්යේෂකයන් විසිනි.

මේ දක්වා මෙම නව කාණ්ඩය නිසා ආසාදනයට ලක් වූ රෝගීන් 25 දෙනෙකු පමණ එරටින්‌ සොයාගෙන තිබේ.

මෙමගින් සිදුවන බලපෑම සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී වැඩි විස්තර හෙළිදරව් වනු ඇත.

මේ වන විට ඔමික්‍රෝන් ප්‍රභේදය විසින් වේගයෙන් ලෝකය වෙළා ගනිමින් තිබෙන අතර, ඊයේ දිනයේ පිටපිට 7 වන දිනයටත් ඇමරිකාවෙන් වාර්තා වන දෛනික නව ආසාදිතයන් ගණන ලක්ෂ 6 ඉක්මවීය. ජෝන් හොප්කිස්න් සරසවියේ පර්යේෂකයන්ට අනුව, මෙය වසංගත වාර්තා බිඳ හෙළීමක් වන්නේ, ආසාදිතයන්ගේ 72%ක වර්ධනයක් පෙන්නුම් කරන නිසා ය.

එක්සත් රාජධානියට ඊයේ දිනය වසංගතයේ අඳුරු සන්ධිස්ථානයක් ලකුණු කළේ, වසංගත මරණ ගණන 150,000 සීමාව ඉක්ම යාම හේතුවෙනි. ගතවූ පැය 24 තුළ එරටින් මරණ 313 ක් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...