අයවැය ඡන්ද විමසීමේදී ශ්‍රීලනිපය දෙකට බෙදෙයි !

0
1107

ඊයේ (02) පැවති 2022 සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ පැහැදිලි බෙදීමක් දක්නට ලැබිණි.

එහිදී ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන, ලේකම් දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද සිල්වා සහ දුෂ්මන්ත මිත්‍රපාල යන මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සභා ගැබට පැමිණ නොසිටි අතර පක්ෂයේ සෙසු සියලුම මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

මේ අතර ඊයේ දිනයේම පැවති ශ්‍රීලනිප 71 වැනි සංවත්සරයේදී පක්ෂ සභාපති ලෙස තම බලතල වැඩි කරගන්නා පක්ෂ ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගැනීමට ද මෛත්‍රීපාල සිරිසේන මහතා සමත් වූයේය.

ඒ අනුව ශ්‍රීලනිපයේ මේ බෙදීම ඔවුන්ගේ තවත් එක් දෙබිඩි රංගනයක්ද නැද්ද යන්න ඉදිරියේදී දැකගැනීමට හැකිවනු ඇත.

RN