සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු ගෙල කපාගෙන සියදිවි නසා ගනී !

Date:

සුපිරි වෙළඳසැලකට ඇතුළු වී භාණ්ඩ කිහිපයක් සොරාගෙන පළායමින් සිටි පුද්ගලයෙකු ගෙල කපාගෙන සියදිවි නසාගත් පුවතක් රාගම මහබාගේ ප්‍රදේශයෙන් වාර්තා වේ.

අදාල පුද්ගලයා සුපිරි වෙළඳසැලකට ඇතුළු වී කුඩා දරුවන් සඳහා භාවිතා කරන සුවඳ විලවුන් බෝතල් කිහිපයක් රැගෙන මුදල් නොගෙවා පිටතට පැමිණ තිබෙනවා. අසල සිටි ත්‍රිරෝද රථ රියදුරෙකු මෙම සිද්ධිය දැක අදාල පුද්ගලයා අල්ලා ගැනීමට උත්සාහ කර තිබෙනවා. එහිදී සොරකමේ නිරතව සිටි පුද්ගලයා ත්‍රිරෝද රථ රියදුරුට පිහියකින් ඇන පළා ගොස් තිබේ.

ඉන් අනතුරුව තවත් පිරිසක් ඔහු පසුපස හඹාගොස් ඇති අතර, තමා ලඟට පැමිණියහොත් ගෙල කපා ගන්නා බවට තර්ජනය කර තිබේ. ඉන් අනතුරුව ඔහු අත තිබූ පිහියෙන් ගෙල කපාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

අසල සිටි පුද්ගලයන් 1990 ගිලන් රථ සේවය අමතා ගිලන් රථයක් ගෙන්වාගෙන තුවාලකරු රාගම රෝහල වෙත පිටත් කර යවා ඇති අතර වෛද්‍යවරුන් විසින් සිදුකළ පරීක්ෂා කිරීමේදී තහවුරු වී තිබෙන්නේ ඔහු ඒ් වනවිටත් මියගොස් ඇති බවයි.

මෙසේ මියගොස් තිබෙන්නේ උකුවෙලවත්ත, නාගොල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි රෙජී වනසුන්දර නමැති පුද්ගලයෙකි.

මෙම පුද්ගලයාගේ පිහි ඇනුම් හේතුවෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...

හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය

පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...