මහාභාණ්ඩාගාර නිලධාරියාගේ සැකකටයුතු මරණය ඝාතනයක්ද, සියදිවි හානිකරගැනීමක්ද සොයා විමර්ශන

මහාභාණ්ඩාගාරයෙන් විදෙස් ණය වාරිකයක් ගෙවීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනික පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනා අතරින් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රංග නිශාන්ත මහතාගේ මළසිරුර ඔහුගේ ගෙවත්තේ තිබී හමුවී තිබිණි.

ඒ මහතා ගෙවත්තේ වැටී සිටිනු දුටු දියණිය ඒ පිළිබඳව මවට දැනුම්දීමෙන් අනතුරුව ඇය පොලීසිය දැනුවත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව පොලීසිය කුලියාපිටිය, පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි රංග නිශාන්ත මහතාගේ නිවසට ගොස් තිබුණු අතර ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල තරමක් විශාල ලේ පැල්ලමක් තිබෙන ආකාරය දැකගැනීමට ලැබුණු බවත් රංග නිශාන්ත මහතාගේ මළසිරුරේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ලැබුණු බවත් පොලීසිය පැවසීය.

එමෙන්ම ඒ මහතාගේ මළ සිරුර හමුවූ ස්ථානය ආසන්නයේ තිබී කුඩා ප්‍රමාණයේ පිහියක් ද හමුවී ඇත.

ඒ අනුව මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර මෙය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න පිළිබඳව විමර්ශනය කෙරෙන බව සඳහන්.

කුලියාපිටිය මහේස්ත්‍රාත්වරිය අද පස්වරුවේ එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර තිබිණි.

ඩොලර් මිලියන 2.5ක සිද්ධියට අදාළව රංග නිශාන්ත මහතාව සේවයේ නිරතව සිටින සමයේ එක් අවස්ථාවකත් වැඩ තහනමට ලක්ව සිටින සමයේ අවස්ථා දෙකකදීත් වශයෙන් අවස්ථා තුනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති බවත් ඒ සෑම අවස්ථාවකදීම ඔහු පැමිණ විමර්ශන සඳහා සහාය ලබා දී ඇති අතර ඔහුගේ පරිගණකය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ බවත් සඳහන්.

ඔහුගේ පසුබිම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී ඔහු දූෂිත නිලධාරියෙකු නොවන බවට මූලික විමර්ශනවලදී හෙළි වූ බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් කරුණු වාර්තාවීමක් නොවූ බවත් වාර්තා වන අතර වැඩ තහනමට ලක්වීමෙන් පසුව ඔහු සිත්තැවුලෙන් සිට ඇති බවද පැවසේ.

රංග නිශාන්ත මහතාව දන්නා හඳුනන අය ද පවසන්නේ ඔහු කිසිවිටෙකත් වංචනිකයකු හෝ දූෂිතයකු නොවූ පුද්ගලයකු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි තණමල්විල සභාවේත් අයවැය පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල...

මා සදාකාලිකවම සිහින දකින්නියක් – වර්ණ රසිකා ගුණවර්ධන

මේ දවස්වල තියෙන වැහිබර ගතියත් එක්ක පාන්දරම ඇහැරිලා හිමිදිරිය...

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට...

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්