අමාත්‍යාංශ ලේකම් හර්ෂණ අන්තිමේ මුදල් කාරකසභාවට එයි : නොවැම්බර් – ජනවාරි අතර ගෙවීම් 10කින් දැවැන්ත හොරකමක් වෙලා !

සටහන – රුවන් නෙළුගොල්ල

මුදල් අමාත්‍යාංශ ලේකම් සහ මහාභාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ඊයේ (30) පස්වරුවේ පාර්ලිමේන්තුවේ රජයේ මුදල් කාරසභාව හමුවේ පෙනී සිටියේය.

ඒ, එම කාරකසභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් කරන ලද කැඳවීමක් අනුව ය. මුලින්ම එක කාරකසභාව හමුවට පැමිණීමට නොහැකි බව දැනුම්දී තිබුණු ලේකම්වරයා පසුව එම තීරණය වෙනස් කරගෙන තිබිණි.

ඕස්ට්‍රේලියානු ආයතනකට ණය වාරික ගෙවීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් සොරකමට ලක්වීම ගැන මෙම කාරකසභා රැස්වීමේදී ප්‍රශ්න කර තිබුණු අතර එහිදී අනාවරණය වූ කරුණු පිළිබඳව හර්ෂ ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය.

“සුහදව ඒ සාකච්ඡාව පැවැත්වුණා. මේකෙන් ඉදිරිපත් වෙච්ච කාරණා තමයි ; ඔව්, දැවැන්ත හොරකමක් වෙලා තිබෙනවා. එතකොට කවුද මේ හොරකම කළේ කියන එක පිළිබඳව CID එක සහ ඒ අධිකරණ කටයුතු කෙරෙමින් පවතිනවා. පසුගිය නොවැම්බර් මාසය සහ ජනවාරි මාසය අතරතුර ගෙවීම් 10ක් සිද්ධ වෙලා තියෙනවා. මේ ගෙවීම් 10 ම තමයි හොරකමකට ලක්වෙලා තියෙන්නෙ, ඒකෙ එකතුව තමයි ඩොලර් මිලියන 2.5ක් කියන ප්‍රමාණය. ජනවාරි මාසයේ විතර යම් සැකයක් ඇවිල්ලා තියෙනවා අක්‍රමිකතා සිද්ධ වෙනවදෝ කියලා. රතු කොඩි එසවිලා තියෙනවා. හැබැයි මාර්තු මාසෙ තමයි ඔවුන් සෘජුවම දැනගෙන තියෙන්නෙ මේ ගෙවීම් 10න් එකක්වත් ඒ අදාළ පාර්ශ්වයට ගිහිල්ලා නෑ, යම් හොරකමක් සිද්ධ වෙලා මේ මුදල් රජයේ භාණ්ඩාගාරයට නැතිවෙලා තියෙනවා කියලා. අපට පැහැදිලි වෙච්ච දේ තමයි මේ ක්‍රියාවලිය තුළ දැවැන්ත හිඩැස් තියෙනවා. මේ දැවැන්ත හිඩැස් අතරින් හොරුන්ට රිංගලා යන්න පුළුවන්. එතකොට මේක තමයි වෙලා තියෙන්නෙ. රතු කොඩි එසවෙද්දී මේ ක්‍රියාමාර්ගය මෙහෙම වුණා කියන එක පිළිබඳව තමයි ගැටලුව වෙලා තියෙන්නෙ. ඒකට එක් මාසෙකින් අපට වර්තාවක් ඉදිරිපත් කරන්න කියලා කිව්වා ඒ සාක්ෂිත් සමගම”

ප්‍රශ්නය – දැන් ඒ සිද්ධියට වැඩතහනම් වෙලා හිටපු කෙනෙක් සියදිවි හානිකරගෙන කියනවා. මේ ගැන ඔබ කොහොමද දකින්නෙ ?

“ඇත්ත වශයෙන්ම ඒ පණිවිඩය ආවෙ අපි මේ සාකච්ඡාව කරන අතතුරේදී. සියලුම සාමාජිකයින්ට ඒක කම්පනයක් වුණා”

හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ මුදල් කාරකසභාවේ රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව යද්දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...