සටහන – රුවන් නෙළුගොල්ල
කලුතර පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයෙහි ඊයේ රාත්‍රී 08.00 ට පමණ ගින්නක් හටගෙන තිබේ.
එම කාර්යාලයේ දෙවන මහලේ පිහිටි පරිගණක දත්ත පද්ධතිය පවත්වාගෙන යන කොටසේ කොටසේ මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්.
කලුතර මහ නගරසභාවේ ගිනි නිවීමේ ඒකකය වහාම ක්‍රියාත්මක වී ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇත.
ගින්නට හේතුව හෝ ගින්නෙන් සිදුවූ දේපළ හානිය මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර කලුතර දකුණ පොලීසිය සහ ගිනි නිවීමේ ඒකකය එක්ව විමර්ශන කටයුතු සිදුකරයි.


