සටහන: සශිකලා මධුෂාණි
මැයි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය විසින් පාලනය කරනු ලබන හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) සිරවී ඇති නැව්වලට මඟ පෙන්වා ඒවා මුදාගැනීමේ ප්‍රයත්නයක් අද (04) සිට ආරම්භ කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් නමින් හඳුන්වන මෙම ව්‍යාපෘතිය හරහා පුද්ගලයින් 15,000 ක්, ගුවන් යානා 100කට වැඩි ප්‍රමාණයක් හා නාවිකයන් 20,000ක ප්‍රමාණයක් සම්බන්ධ වන බව කියවේ.
සිය තෘත් සමාජ මාධ්‍ය වේදිකාව හරහා විශේෂ සඳහනක් එක් කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ,
මධ්‍යස්ථ සහ අහිංසක” රටවල් ඉරාන යුද්ධයෙන් පීඩාවට පත්ව ඇති බවත්, මෙම මෙහෙයුම එක්සත් ජනපදය, ඉරානය සහ අනෙකුත් මැදපෙරදිග ජාතීන් වෙනුවෙන් කරන ලද මානුෂීය කාර්යක් වන බවත්, කිසිදු රටක් ලැයිස්තුගත නොකර බවත්ය.
පෙබරවාරි මස 28වන දින ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල් යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානය වැදගත් නැව් ජල මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවුක ගමනාගමනය දැඩි ලෙස සීමා කර ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය ඉරාන වරායන් සඳහා නාවික අවහිරයක් ද ක්‍රියාත්මක කර ඇත.

