මූල්‍ය සේවා මත වැට් බද්ද 20.5% දක්වා වැඩිකිරීමට පනත් කෙටුම්පතක්

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු හෙවත් වැට් පනත සංශෝධනය කිරීම සඳහා වන නව කෙටුම්පතක් මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව 2026 ජුලි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය සේවා මත වැට් බදු 18% සිට 20.5%ක් දක්වා වැඩිකිරීමට මෙයින් යෝජනා කර ඇත.

එසේම ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සපයනු ලබන සේවා එනම් අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම් උපයන පුද්ගලයින්ගෙන් 18%ක වැට් අය කිරීමට ද මෙම පනත් කෙටුම්පතින් යෝජනා කර තිබේ.

සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම, මාර්ගගත වෙළෙඳසැල්, ඩිජිටල් අලෙවිකරණය සහ වෙළෙඳ ප්‍රචාරණය, සයිබර් ආරක්ෂණ සේවා, තොරතුරු තාක්ෂණ සහය සහ කළමණාකරණය කළ සේවා, වීඩියෝ, සංගීතය මෙන්ම සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා, මාර්ගගත බැංකුකරණය, සමාජ මාධ්‍ය වේදිකා, ඉල්ලුම මත සේවා සැපයීමේ වේදිකා, වෙළෙඳපොළ වේදිකා, සූදූ ක්‍රීඩා වේදිකා, හෝටල් වෙන් කිරීම් මෙම වැට් අය කිරීමට යටත් කිරීමට නියමිතය.

එමෙන්ම වැට් බදු සඳහා ලියාපදිංචි විය යුතු වාර්ෂික පිරිවැටුම් සීමාවන් ද මෙමගින් සංශෝධනය කර ඇති අතර, නව සීමාවන් 2026 ජූලි 1 සිට බලාත්මක වන බවත් ඒ අනුව, යම් බදු අය කළ හැකි කාල සීමාවක පිරිවැටුම රුපියල් මිලියන නවයක් (09) ඉක්මවන හෝ වසරක සමස්ත පිරිවැටුම රුපියල් මිලියන තිස් හයක් (36) ඉක්මවන ව්‍යාපාර වැට් බදු සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය වන බවත් එම කෙටුම්පතෙහි සඳහන් වේ.

තවත් යෝජනා කිහිපයක් ද මෙම පනත් කෙටුම්පතෙහි අන්තර්ගත වන අතර මේවා 2025 ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණු නමුත් පසුව මේ වසර දක්වා කල්දමා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්